Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්ධන ගැටලු දැනුම්දෙන්න මේ අයට පැය 24 ක්‍රියාත්මක දුරකථන අංකයක්

    March 27, 2026

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    නිවසේ සිට වැඩි කිරීමට අවධානය

    March 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නිවසේ සිට වැඩි කිරීමට අවධානය
    Local News

    නිවසේ සිට වැඩි කිරීමට අවධානය

    By LFNMarch 27, 2026No Comments1 Min Read71 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    මහජනතාවට රජයේ සේවා බාධාවකින් තොරව ලබා දීම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    එසේම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරණු අතර, ඒ අනුව නියමිත පරිදි විභාග පැවැත්වීම සහ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ බාධවකින් තොරව සැපයීම සහතික කිරීමට තීරණය කෙරිණි.

    මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය.

    මීට අමතරව නිවසේ සිට වැඩි කිරීම සහ පවතින සේවා වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වාදී දීමටත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.

    සියලුම අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල වත්මන් බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී උපදෙස් දෙන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්ධන ගැටලු දැනුම්දෙන්න මේ අයට පැය 24 ක්‍රියාත්මක දුරකථන අංකයක්

    March 27, 2026

    රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අවලංගු කෙරේ

    March 27, 2026

    ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි

    March 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    ඉන්ධන ගැටලු දැනුම්දෙන්න මේ අයට පැය 24 ක්‍රියාත්මක දුරකථන අංකයක්

    March 27, 20260489 Views

    ධීවර යාත්‍රා සඳහා මෙන්ම, මුහුදු ආහාර සැකසීම සහ ජලජීවී වගාව ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන…

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    නිවසේ සිට වැඩි කිරීමට අවධානය

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.