Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙට(27) සිට ID ඔෆිස් එක වැසේ

    March 26, 2026

    සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි

    March 26, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි
    Local News

    සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි

    By LFNMarch 26, 2026No Comments1 Min Read290 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය වසරේ දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

    2025 මැයි 19 වන දින පැපිලියාන පාර, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරමින් පවතින අතර, එහිදී වෙඩි තැබීම සිදු කළ යතුරුපැදියේ පැදිකරු ලෙස සැලකෙන සැකකරුවෙකු හඳුනාගෙන ඇත.

    එම සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ සේනාරත්නගේ ධනංජය කෞෂල්‍ය පෙරේරා නම් පුද්ගලයෙකි. ඔහුගේ ලිපිනය ලෙස අංක 41/14, ඕබන් පෙදෙස, දෙහිවල සඳහන් වේ.

    සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇති පිරිසක් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    071-8596065 (ස්ථානාධිපති – බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය)
    011-2809077 (බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය)

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙට(27) සිට ID ඔෆිස් එක වැසේ

    March 26, 2026

    රුපියල් කෝටි දහයකට අධික කුෂ් මත්ද්‍රව්‍ය ගුවන් තොටෙන් අල්ලයි

    March 26, 2026

    ප්‍රතිකාරවලින් පසු සුරේෂ් සලේ යළිත් CIDයට

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    හෙට(27) සිට ID ඔෆිස් එක වැසේ

    March 26, 20260159 Views

    හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන…

    සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි

    March 26, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026

    ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට

    March 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.