රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් ඇති කුෂ් මත් ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බගවන්තලාවේ පදිංචි 26 හැවිරිදි රියැදුරෙක් සහ 25 හැවිරිදි පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපලේ රේගූ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා තායිලන්තයේ බැංකොක් නුවර සිට නවදිල්ලිය හරහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි අවස්ථාවේ කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇත්තේ.
