මාතර, නූපේ දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ අදාළ පුද්ගලයා ගැටී ඇති අතර එහිදී බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ හාමුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
