අද (22) සිට ක්‍රියාත්මක වන පිරිදි ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572ක් දක්වාද ඉහළ දමා තිබේ.
එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල 398ක් ලෙස සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 487ක් දක්වාද ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.
