Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක ගැටුම අද
    Sport

    ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක ගැටුම අද

    By LFNFebruary 25, 2026No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (25) රාත්‍රී 7ට පැවැත්වෙයි.

    අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගතයුතුය.

    මෙම තරගයේද සියලු ප්‍රවේශපත් අලෙවි වී අවසන් ඇති බැවින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු පස්වරු 4ට විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

    මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගය එංගලන්තය හමුවේ ලකුණු 51කින් පරාජය පත්වුණි.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට බලාපොරොත්තු රඳවා ගැනීමට නම් නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජය ගත යුතුය.

    මෙම තරගය වෙනුවෙන් දෙපිලම ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වුණි.

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා පන්දුවාර විස්සයි20 තරග 28ක් පවත්වා ඇති අතර ඉන් තරග 16ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය ගෙන ඇත.

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරග 6ක් පවත්වා ඇති අතර ඉන් තරග 3ක් නවසීලන්තය ජය ගත් අතර ශ්‍රී ලංකාව තරග 2ක් ජය ගැනීමට සමත්වුණි.

    මේ අතර අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

    මෙම තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඊට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය මේ වන විට තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.