Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට
    Local News

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    By LFNFebruary 8, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    මහනුවර – යාපනය A9 මාර්ගයේ කැකිරාව රෝහල අසලදී සිදු වූ අනතුරකින් 65 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

    මරදන්කඩවල දෙසට ධාවනය වූ ලොරි රථයක්, මාර්ගය හරහා ගමන් කළ එම පදික කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින් පදික කාන්තාව තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබේ.

    ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    එමෙන්ම අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ මිනීමරු හන්දිය ආසන්නයේදී සියඹලාණ්ඩුව දෙසට ධාවනය වූ එළවළු පටවාගත් ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ද මාරක අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියැදුරු, කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි සිටි එක් කාන්තාවක් මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වූ තල්ගස්පිටිය, හබලන්කාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු හා ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රන්දොඹේ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    බලපිටිය දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පැදිකරු මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ අළුත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.