බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය හා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව ඊයේ (05) මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අලුත්ගම පාදාගොඩ විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අනෙක් පාසලේ සිසුන්ට මෙම පහරදීම සිදුව ඇති බවට මේ වන විට එම විද්‍යාලයේ ගුරුවරියක් විසින් පොලීසියට පැමිණිල්ලක්ද යොමු කර තිබේ.
සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇත්තේ අදාළ පහරදීමට ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින්ද සම්බන්ධ වී ඇති බවටය.
පොලීසිය පැවසුවේ එක් සිසුවෙකුගේ හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් එම සිසුවා ශල්‍යකර්මයකටද භාජනය කිරීමට නියමිතව ඇති බවය.
සිද්ධිය සම්බන්ධව අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.
