Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
    Local News

    ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

    By LFNJanuary 31, 2026No Comments1 Min Read17 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබේ.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථානමාරු කිරීම් සිදුකර ඇති බව සඳහන් වෙයි.

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු මෙලෙස ස්ථානමාරු කිරීම් සිදුකර ඇත.

    නියෝජ්‍ය පොලිස්පතිවරුන්..

    නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

    නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකර යවා තිබේ.

    ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්..

    ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මහතා මොනරාගල කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙසත් මාරුකර යවා තිබේ.

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර මහතා කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඩබ්. එම්. එස්. බී. වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත් මාරුකර යවා ඇත.

    පොලිස් අධිකාරී..

    මීට අමතරව මහනුවර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩී. ඉලංගකෝන් මහතා ගම්පොළ කොට්ඨාසයට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.