Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 2026

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තැන තැන සිදු වූ රිය අනතුරු – සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි
    Local News

    තැන තැන සිදු වූ රිය අනතුරු – සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

    By LFNJanuary 28, 2026No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පදික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (27) එම අනතුර සිදුව තිබුණේ මහරගම, රුවන්වැල්ල, කඩුවෙල සහ එගොඩඋයන පොලිස් වසම්වලදීය.

    මහරගම, පන්නිපිටිය මංසන්දිය ආසන්නයේදී මහරගම දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර රුවන්වැල්ල, පන්නල ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස ඇත්තේ, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර කඩුවෙල මංසන්ධිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී එම දිශාවටම ගමන් කළ ලොරි රථයකට පැදිකරු යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු බියගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එලෙස මියගොස් ඇත්තේ, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර එගොඩඋයන හන්දිය අසලදී මොරටුව දෙසට ධාවනය වූ පාසල් සේවා පුද්ගලික බස් රථයක මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදික කාන්තාව තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 202607 Views

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි.…

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.