Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

    March 11, 2026

    මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

    March 10, 2026

    ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ

    March 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මුළු රටම කඳුළක් කළ ආපදාවේ නවතම තත්ත්වය
    Hot News

    මුළු රටම කඳුළක් කළ ආපදාවේ නවතම තත්ත්වය

    By LFNNovember 28, 2025No Comments4 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ආපදාවට ලක්ව සිටින ජනතාව මුදාගැනීම සඳහා මේ වනවිටත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආපදාවලට ලක්වූ ප්‍රදේශවලට ළඟාවෙමින් පවතින බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

    පවතින ආපදා තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී අද (28) දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එමෙන්ම ග්‍රාමනිලධාරීන් විසින් ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙස ද ආරක්‍ෂක ලේකම්වරයා ආපදාවට ලක්වූ ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ආපදාවට ලක්වූවන්ට ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙසත් ඔවුන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට කටයුතු සුදානම් කරමින් ඇති බවත් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    මේ වනවිට ගුවන් යානා, නාවික බෝට්ටු හා යුද භටපිරිස් ආපදාවට ලක්වූවන් මුදාගැනීම සඳහා කටයුතු සිදුකරමින් මෙහෙයුම් දියත් කර ඇති බවත්, ඇතැම් ස්ථානවලදී කාලගුණය ඊට බාධාවක් වී ඇති බවත් සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු යොදා ඇති බවත් කියා සිටියේය.

    සියලු ආපදාවන් කළමනාකරණයට මේ වනවිට යුද හමුදා මුලස්ථානයේ ක්‍රියාන්විත මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, යුද හමුදා භටපිරිස් 20,500ක් ආපදාවට ලක්වූ පිරිස මුදාගැනීමට යොදවා ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

    එමෙන්ම ආපදාවට ලක්වූ සියලු ජනතාවට ආහාර සැපයීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාවට පවරා ඇතැයි ද යුද හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේය.

    මේ වනවිට ආපදාවට ලක්වූ පුද්ගලයින් 4,766ක් මුදාගැනීමට සමත්වී ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගැනීමට ඇතැම් ස්ථානවල අපහසු වී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

    මේ අතර නාවික හමුදා සහන කණ්ඩායම් 141ක් මේ වනවිට සුදානමින් ඇති අතර, එයින් සහන කණ්ඩායම් 32ක් මේ වනවිට යොදවා ඇතැයි ද නාවික හමුදාපතිවරයා කියා සිටියේය.

    විශේෂයෙන්ම ගංවතුර මුදාගැනීම් සහ ගමන් පහසුව සැලසීම නාවික හමුදා භටපිරිස්වල මුලික වගකීම වන බවත් ධීවරයින් ගලවා ගැනීමටත් මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතින බව නාවික හමුදාපතිවරයා පැවසීය.

    මේ අතර සහන සේවා සැලසීමට ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා 6ක් ස්ථානගත කර ඇති නමුත් පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කටයුතුවලට බාධා ඇතිව තිබෙන බව ගුවන් හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේය.

    එහෙත් ගුවන් හමුදා භටපිරිස් 1,600ක පිරිසක් බදුල්ල හා මහනුවර යන ප්‍රදේශ මුලික කර ගනිමින් මේ වනවිට මුදාගැනීමේ මෙහෙයුම්වලට දායකත්වය දක්වා ඇති බව ද ගුවන් හමුදාපතිවරයා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, ඉන්දීය යුද නෞකාවේ ඇති ගුවන් යානා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවය.

    එහෙත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ගුවන් යානා ගුවන්ගත කිරීමට ඔවුන්ට අසීරු තත්ත්වයක් පවතින බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

    මෙම මාධ්‍ය හමුවට එක්වූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජනරාල් අතුල කරුණානායක මහතා පවසා සිටියේ මේ වනවිට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 40ක් ගොඩබිම දෙසින් ස්ථානගතව පවතින බවය.

    ඒ අනුව වර්ෂාපතනය තවදුරටත් පවතින අතර, එහි ප්‍රමාණාත්මක වෙනස්කම් සිදුවිය හැකි බවත් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා සබරගමුව යන පළාත්වලට තද වැසි ඇති විය හැකි බවය.

    එමෙන්ම ගාල්ලට හා මාතරට මි.මී 150ක පමණ වැසි ඇති විය හැකි බව ද පැවසු අතුල කරුණානායක මහතා, සුළි කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 60 – 70ත් අතර හෝ පැයට කිලෝමීටර 80ක වේගයෙන් යුත් සුළං ඇති විය හැකි බවත් පැවසීය.

    මෙම තත්ත්වය හේතුවෙන් මුහුදු රළ මීටර් 2 – 3ක් පමණ ඉහළ යා හැකි අතර, හෙට දිනයේ සුළි කුණාටුවේ බලපෑම දකුණු පළාතට අඩු විය හැකි බවද අතුල කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ, ජීවිත බේරාගැනීම පළමු කාර්ය වන බැවින් අනතුරු ඇඟවීම් නිකුත් කළ පසුව වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසය.

    ඇතැම් ස්ථානවල ජනතාව ඉවත් කිරීමට පොලීසිය පවා යෙදවීමට සිදුවු බවත් අනතුර තමා ළඟට පැමිණීමට පෙර තමා එතැනින් ඉවත්වන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    මේ වනවිට දිස්ත්‍රික්ක 25ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 285ක පවුල් 44,192ක් ආපදාවට ලක්ව තිබේ.

    පූර්ණ වශයෙන් නිවාස 42ක් විනාශයට පත්ව ඇති අතර, අර්ධ හානි නිවාස 2,810ක් විනාශයට පත්ව ඇති බවත් එම නිවාසයකට රු ලක්ෂ 25 බැගින් ලබාදීමට නියමිතය.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පවසා සිටියේ, මහා පරිමාණ වැව් 50කට අධික ප්‍රමාණයක් හා මධ්‍යම පරිමාණ වැව් 50කට අධික ප්‍රමාණයක් වාන් දමින් ඇති බවය.

    අවිස්සාවේල්ලෙහි ඇති ජල මාපකයෙහි ප්‍රමාණය අනුව 2016 ගංවතුරට වඩා වැඩි ගංවතුරක් කොළඹට හෙට (29) රාත්‍රියේ ඇති විය හැකි බවට බලාපොරොත්තු වන බවත් කැලණි ගංගාවේ ජලමට්ටම මේ වනවිට ඉහළ යමින් ඇති බවත් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි

    March 9, 2026

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    March 6, 2026

    ඉන්ධන තොග ප්‍රමාණවත් අනිසි බියක් එපා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

    March 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

    March 11, 202604 Views

    බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති…

    මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

    March 10, 2026

    ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ

    March 10, 2026

    අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි

    March 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.