Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට
    Sport

    ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

    By LFNOctober 31, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.

    තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ ඊයේ (30) පැවැත්විණි.

    මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 49(48.3)වන පන්දුවාරයේදී පසුකර යෑමට ඉන්දියාවට හැකිවිය.

    ඉන්දීය ජයග්‍රහණයේ නියමුවරිය වූ ජෙමිමා රොඩ්‍රිගස් නොදැවී ලකුණු 127ක් රැස්කළාය.

    ඊට අමතරව නායකා හර්මන්ප්‍රීත් කෝර් අගනා ලකුණු 89ක් රැස්කළ අතර, ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට පන්දු 156කදී ලකුණු 167ක සබඳතාවක්ද පැවැත්වූහ.

    මෙහි ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

    ඒ අනුව වසර 52ක (1973 සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානයේ පළමුවරට එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව නොමැති අවසන් මහා තරගයක් මෙවර පැවැත්වේ.

    ඉන්දියාව මීට පෙර 2005 හා 2017 වර්ෂයන්හිද අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණි.

    කෙසේ නමුත් දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමිකරගත්තේ පළමුවරටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 20250122 Views

    ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස්…

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025

    සැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහර

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.