Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට
    Sport

    ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

    By LFNOctober 31, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.

    තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ ඊයේ (30) පැවැත්විණි.

    මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 49(48.3)වන පන්දුවාරයේදී පසුකර යෑමට ඉන්දියාවට හැකිවිය.

    ඉන්දීය ජයග්‍රහණයේ නියමුවරිය වූ ජෙමිමා රොඩ්‍රිගස් නොදැවී ලකුණු 127ක් රැස්කළාය.

    ඊට අමතරව නායකා හර්මන්ප්‍රීත් කෝර් අගනා ලකුණු 89ක් රැස්කළ අතර, ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට පන්දු 156කදී ලකුණු 167ක සබඳතාවක්ද පැවැත්වූහ.

    මෙහි ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

    ඒ අනුව වසර 52ක (1973 සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානයේ පළමුවරට එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව නොමැති අවසන් මහා තරගයක් මෙවර පැවැත්වේ.

    ඉන්දියාව මීට පෙර 2005 හා 2017 වර්ෂයන්හිද අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණි.

    කෙසේ නමුත් දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමිකරගත්තේ පළමුවරටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.