Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් පිළිගනියි
    International

    ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් පිළිගනියි

    By LFNOctober 4, 2025No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ.

    ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත්කරමින් සඳහන්කර ඇත්තේ සාමය සඳහා වූ ‘ට්‍රම්ප්ගේ සැලැස්ම’ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමග කටයුතු කරන බවය.

    අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (3) සිය Truth අවකාශයේ සටහනක් තබමින් හමාස් සංවිධානය අනතුරු අඟවා සිටියේ, එළඹෙන ඉරිදා (හෙට) ග්‍රිනිජ් වේලාවෙන් 22පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6 වනවිට තම සාම සැලැස්මට එකඟවිය යුතු බවය.

    මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස්කිරීමට මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් භාරදීමට යෝජනා කර තිබුණි.

    ඒ වෙනුවෙන් ඊශ්‍රායලය භාරයේ සිටි ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කරගැනීමට විය.

    එම එකඟතාවයට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව ගතහැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බව ට්‍රම්ප් සිය Truth අවකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

    ඒ අනුව වසර 2කට ආසන්න යුද්ධය අවසන් කර 2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරයෙන් අල්ලා ගත් ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාදීමට හමාස් සංවිධානය පිළිගෙන ඇත.

    කෙසේ නමුත් ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වන හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත්, ගාසා පාලනයෙන් ඉවත්විය යුතු බවත් වන යෝජනාවන් සම්බන්ධයෙන් හමාස් සංවිධානය අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව සඳහන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202602 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.