Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»විජේගේ දේශපාලන රැලියකදී තෙරපීමෙන් මිය ගිය පිරිස තවත් ඉහළට
    International

    විජේගේ දේශපාලන රැලියකදී තෙරපීමෙන් මිය ගිය පිරිස තවත් ඉහළට

    By LFNSeptember 28, 2025No Comments3 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බවය.

    සිද්ධියෙන් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති බවත් වාර්තා වේ.

    කෙසේ වෙතත් ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තමිල්නාඩු රජයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.

    මේ අතර තමිල්නාඩු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ විජේගේ පක්ෂය විසින් පළමුව කරුර් ප්‍රදීපාගාර රවුන්ඩ්ටානා හී රැලිය පැවැත්වීමට අවසර ඉල්ලා සිටි බවය.

    කෙසේ වෙතත් පසුගිය රැලි දෙකේදි විශාල ජනකායකත් පැමිණි බව සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ රැලිය පැවැත්වීමට අවසර ලබා නොදුන් බවද ඔහු පවසා තිබේ.

    රැලිය පෙරවරු 10.00 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා තිබූ බවත් දහවල් 12.30 වන විට විජේ පැමිණෙන බවත් නිවේදනය කර ඇති අතර පෙරවරු 11.00 සිට සෙනග එක්රැස්වීමට පටන් ගෙන තිබුණු නමුත් ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සවස 7.40ට ආසන්න වී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

    එමෙන්ම මේ වන විට විජේගේ රැලිය සංවිධානය කිරීම සඳහා වගකිව යුතු පක්ෂ සාමාජිකයෙකු වූ කරුර් හී දිස්ත්‍රික් ලේකම්වරයෙකුට පොලීසිය විසින් නඩු පැවරීමටද කටයටුතු කර තිබේ.

    මේ අතර සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වන බවය.

    එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විසිනුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පවසා තිබේ.

    තවද සිදුවීමෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත මහ ඇමතිවරයාගේ සහන අරමුදලින් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක වන්දි ගෙවීමක් සහ රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සඳහා රුපියල් ලක්ෂයක වන්දි ගෙවීමටත් තීරණය කර ඇති බවත් ඔහු පවසා තිබේ.

    මේ අතර සිද්ධිය සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අදහස් දක්වා ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සිදුව ඇති සිදුවීම සම්බන්ධව තමන් අතිශයින්ම කනගාටු වන බවත්ය.

    කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු විජේ ට්‍රිච් ගුවන්තොටුපොල වෙත පැමිණ චෙන්නායි බලා ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බවත් ඉන්දීය මාධය වාර්තා කර තිබේ.

    එහිදී ඔහු මාධ්‍ය මග හරිමින් සහ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ගුවන්තොටුපළේදී ඔහු සිය මුහුණ සඟවා ගමන් ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත.

    කෙසේ වෙතත් චෙන්නායි හී ගොඩබැස්වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමාගේ හදවත බිඳී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.