Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාවට ජය
    Sport

    සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාවට ජය

    By LFNSeptember 27, 2025No Comments3 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැතුම් නිස්සංක හා කුසල් ජනිත්ගේ උත්සාහවන්ත ඉනිම් ද්විත්වයට වටිනාකමක් නොදුන් පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (26) පැවති තරගයෙන් ඉන්දියාව හමුවේ තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

    තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග අවසන් කරමින් මෙම තරගය ඩුබායි හිදී ඊයේ (26) රාත්‍රියේ පැවැත්විණි.

    මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස්කිරීමට සමත් විය.

    එය මෙවර ආසියානු කුසලානයේ දී කණ්ඩායමක් රැස්කළ ඉහළම ඉනිම විය.

    කෙසේ නමුත් එම ඉලක්කය ආසන්නයටම ගිය ශ්‍රී ලංකාව ද පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස්කළේය.

    එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක සිය විස්සයි20 ක්‍රිකට් දිවියේ කුළුදුල් ශතකය රැස්කරමින් ලකුණු 107ක් රැස්කිරීමට සමත් විය.

    ඒ වෙනුවෙන් පන්දු 58කට පමණක් මුහුණදුන් ඔහු අලංකාර හයේ පහර 6ක් හා හතරේ පහර 7ක් එල්ල කළේය.

    පැතුම්ගේ මෙම ඉනිමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ ටෙස්ට් ශතකයක්, එක්දින ද්විත්ව ශතකයක් හා විස්සයි20 ශතකයක් රැස්කළ පළමු පිතිකරුවා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය.

    එමෙන්ම මෙම ඉනිම ශ්‍රී ලංකා පිතිකරුවෙකු ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.

    මීට පෙර එම වාර්තාව තිලකරත්න ඩිල්ෂාන් සතුව තිබුණි. ඔහු 2011 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 104ක් රැස්කර තිබුණි.

    ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් පළමු පන්දුවාරයේදී ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියත්, දෙවන කඩුල්ලට එක් වූ කුසල් ජනිත් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඔසවා තැබූ ඉනිමක් දියත් කළේය.

    ඔහු පන්දු 38කට පමණක් මුහුණදෙමින් ලකුණු 68ක් රැස්කළ අතර, පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට පන්දු 70කදී ලකුණු 127ක සබඳතාවක් ගොඩනැගීමට ද දායක විය.

    මෙය ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ රැස්කළ තෙවන හොඳම ලකුණු සබඳතාව විය.

    ඔවුන් දෙදෙනා පසුකර ගියේ මීට වසර 16කට පෙර සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 124ක් රැස්කර පිහිටුවා තිබූ වාර්තාවයි.

    කුසල් ජනිත්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි නායක චරිත් අසලංක පන්දු 9කදී ලකුණු 5ක් හා කමිඳු මෙන්ඩිස් පන්දු 7කදී ලකුණු 3ක් රැස්කිරීමට ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කඩඉම පසුකර යෑමට නොහැකිවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

    ඒ අනුව දෙපිලේම ලකුණු සංඛ්‍යාව සමවීමෙන් සුපිරි පන්දුවාරයක් කරා තරගය ඇඳ ගියේය.

    එහිදී ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, ඔවුන්ට කඩුලු 02ක් දැවී රැස්කළ හැකි වුණේ ලකුණු 02ක් පමණි.

    එම ඉලක්කය හඹා ගිය එක් පන්දුවකින් සම්පූර්ණ කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    කෙසේ නමුත් තරගයේ වීරයාට හිමි සම්මානය පැතුම් නිස්සංකට හිමිවිය.

    මේ අතර මෙම තරගයේ ලකුණු සමවීම සැලකෙන්නේ පූර්ණ සමාජික රටවල් 2ක් අතර විස්සයි20 තරගයක ලකුණු 200ට වැඩි ඉලක්කයක් සමවූ තෙවන අවස්ථාව ලෙසය.

    මෙය විස්සයි20 තරගයක ලකුණු සමවී ඉන්දියාව ජයගත් 6වන අවස්ථාව වේ.

    කෙසේ නමුත් ශ්‍රී ලංකාව ලකුණු සම වූ තරග 6කින් පරාජය වූ 4වන තරගය මෙයයි.

    මේ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය පවසා සිටියේ, දකුණත් වමත් සම්බන්ධය අනුව පිතිකරුවන් පන්දුවට පහරදීමට යොමුකළ බවයි.

    “අපි දකුණත් වමත් සම්බන්ධය දිගටම තිබ්බේ. ජනිත්, දසුන්, වනිදු හිටියා..අපි එක වෙලාවක වනිදු යවන්න හිටියා. අවස්ථාවේ හැටියට බල බල තමයි ඒක කළේ.

    මොනවා වුණත් අනිතිම වෙනකොට ඔයාලටත් පේන්න ඇති බෝලේ පොඩ්ඩක් නැවතිලා දඟ කැවෙන්න ගත්තා.

    ඒක තමයි පැතුම් ඇවිල්ලා කිව්වේ අලුතෙන් එක පිතිකරුවට ගහන්න අමාරුයි කියලා. ඒත් යන පිතිකරුවා ඒ අවදානම ගත්තා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.