Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්තගේ බවට සැකයක් – වටිනාකම රු මි 10,000කට ආසන්නයි
    Hot News

    තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්තගේ බවට සැකයක් – වටිනාකම රු මි 10,000කට ආසන්නයි

    By LFNSeptember 23, 2025No Comments3 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රු මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබේ.

    එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බව ද පොලීසිය විසින් තහවුරු කර ඇත.

    මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තා වේ.

    මේ අතර, තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන එක් පුද්ගලයෙකුට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබේ.

    විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැති අපරාධකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයෑමත් සමග පොලීසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමක දී ලොරි රථ 3ක සඟවා තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගය ඊයේ (22) සොයාගනු ලැබීය.

    එම මත්ද්‍රව්‍ය තොගය මෙරට තුළ එක් දිනක දී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ලෙස ද සැලකේ.

    එම මෙහෙයුමේ දී මත්ද්‍රව්‍යවලට අමතරව ටී – 56 වර්ගගේ ගිනිඅවියක් සහ පිස්තෝල වර්ගයේ ගිනිඅවි 5ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක මළ සිරුරු දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී එම නිවස අසල නවතා තිබූ කුඩා ලොරි රථක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් සොයාගනු ලැබීය.

    අදාළ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය.

    පොලීසියට ලද බුද්ධි තොරතුරකට අනුව තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ නවතා තිබූ තවත් ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී එම ලොරි රථය තුළ ද ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ගිනිඅවි කිහිපයක් සොයාගනු ලැබීය.

    එම මෙහෙයුමෙන් අනතුරුව නැවත වරක් පොලිසීය පුද්ගල මළසිරුරු දෙකක් හමුවූ නිවසේ නවතා තිබූ තවත් ලොරි රථයක් පරීක්ෂා කර ඇති අතර එහි තිබී ද කිලෝග්‍රෑම් 400කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වුණි.

    මෙම මත්ද්‍රව්‍ය අදාළ නිවසේ සිට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

    මියගොස් ඇති පුද්ගලයින් තිදෙනා ද එම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ පුද්ගලයින් බවට පොලීසිය සැක පළ කරයි.

    ඔවුන් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් තවත් පිරිසක් සමග පෙරේදා රාත්‍රී මත්පැන් පානය කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනවරණය වී තිබේ.

    මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

    මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථයක රියදුරෙකු සහ එහි හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.