Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 2025

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    Sport

    තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

    By LFNSeptember 1, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ ඊයේ (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.

    ඒ අනුව තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාණ්ඩායමට හිමි වේ.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් බිඳ වැටී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.

    පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය.

    පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 278කි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ලකුණු 278ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළේය.

    පැතුම් නිස්සංක පන්දු 136කට ලකුණු 122ක් රැස් කළ අතර තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 71ක්, සදීර සමරවික්‍රම ලකුණු 31ක් සහ ජනිත් ලියනගේ නොදැවී පන්දු 16කට ලකුණු 19ක් රැස් කිරීමට සමත් විය.

    සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

    ඒ අනුව තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

    October 31, 2025

    දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

    October 27, 2025

    මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට

    October 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 20250108 Views

    වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ…

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025

    ලොකු ලූනු මිලදී ගැනීම ගැන සතොසෙන් පැහැදිළි කිරීමක්

    November 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.