Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක් – පුද්ගලයින් 20ක් මරුට
    International

    ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක් – පුද්ගලයින් 20ක් මරුට

    By LFNSeptember 1, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇත.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

    එරට බලධාරීන් වාර්තා කර ඇත්තේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවය.

    භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත‍.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පළමු භූ කම්පන තත්ත්වය සිදුව පසු කම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර ඒවා පිළිවලින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසය පවතින බවය.

    භූ කම්පන තත්ත්වයෙන් දැඩි හානි සිදුව ඇත්තේ පාකිස්ථානය සමග දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයේ වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    මේ අතර ඇති වූ හදිසි තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල ගලවා ගැනීම් කටයුතු සඳහා සහාය වන ලෙස තලේබාන් රජයේ නිලධාරීන් විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

    භූ කම්පන තත්ත්වයෙන් පසුව ඇති වූ ගංවතුර සහ පසු කම්පන තත්ත්වයන් හේතුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් භූ කම්පන තත්ත්ව ඇති වූ ප්‍රදේශයන් වෙත ගමන් කිරීමේ මාර්ග අවහිර වී ඇති බවත් ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් මගින් පමණක් බවද එම ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් පවසා තිබේ.

    මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇත්තේ සීමිත සම්පත් ඇති බැවින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟ වීමට ගුවන් යානා ලබා ගැනීමට සහාය වන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 20260161 Views

    හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ…

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.