Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද
    Hot News

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද

    By LFNAugust 26, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

    සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

    ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

    ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

    කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වේ.

    ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණයට පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඊයේ පස්වරුවේ නිකුත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අදහස් පළ කළේය.

    “සවස 5 වනවිට පංච පුද්ගල විශේෂඥවරුන් කණ්ඩායමක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ වාර්තාවට අනුව ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය බව පවසලා තියෙනවා. ඒ අනුුව ඉදිරි පැය 24 තුළත් ඔහු ICU එකේ රැඳෙන්න ඕනේ කියන මතය තමා අපිට ලැබිලා තියෙන්නේ. ඒ අනුව කටයුතු සිද්ධ වෙයි. අපි කියන්නේ විචලනයට භාජනය වුණා එහි සංකූලතා මතුවුණා. එම සංකූලතාවලට ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් සංකීර්ණ සංකූලතා බවට පත්වෙයි. ඒ නිසා තමා ප්‍රතිකාර කරන්නේ.”

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය, කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේ ද? නැද්ද? යන්න අද පෙරවරුවේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබාදෙනු ලබන වෛද්‍ය නිර්දේශය අනුව තීරණය කරනු ලබන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    March 6, 2026

    ඉන්ධන තොග ප්‍රමාණවත් අනිසි බියක් එපා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

    March 2, 2026

    අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බවට ඉරානය පිළිගනියි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 20260120 Views

    2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක්…

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.