Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්
    Hot News

    රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්

    By LFNAugust 25, 2025No Comments3 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ.

    රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයක් බව එහි සඳහන් වේ.

    එම නිවේදනයේ දැක්වෙන්නේ රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියදම් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කළ නොහැකි බවත් එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියක් බවය.

    එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව ඔවුන්ගේ නිරීක්ෂණය වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

    දේශපාලන පක්ෂ නායකයින්ගේ ඒකාබද්ධ නි‍වේදනය

    අද වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලනය කිරීමේ නිදහස අහිමි කරමින් මර්ධනකාරී ලෙස අණ්ඩුව තම දේශපාලන ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. ඒ අනුව, දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් මර්ධනය කිරීම, යටත් කිරීම සහ නිහඬ කර තැබීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක තැබිය යුතු ස්වාධීනත්වය බිඳ දමමින් පොලීසිය, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. තම දේශපාලන චරපුරුෂයන් ගෙන් විමර්ශන ආයතන පුරවාලමින් සහ යටත් කර ගනිමින් රාජ්‍ය යන්ත්‍රණයේ පැවතිය යුතු ස්වාධීනත්වය හකුලමින් ආණ්ඩුවේ ඒකාධිකාරයට සභ ඒකාධිපතීත්වයට යටත් කරගනිමින් සිටින බව අපගේ විශ්වාසයයි. රට තුල අද වන විට පැන නැගී ඇති වාතාවරණයට අනුව, ආණ්ඩුවට පැමිණෙන පොදුජන විරෝධය මර්ධනය කොට යටත් කිරීම සඳහා ආණ්ඩුවට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග නොමැති බව අපගේ වැටහීමයි.

    රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියඳම් සම්බන්ධයෙන් පැහැදිලි ඉරක් ඇඳ වෙන් කිරීම පහසු නැත. එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියකි. විමර්ශන කටයතු අවසන් නැති පරිසරය තුල ඇප ලබාදිය නොහැකි වරදක් සම්බන්ධයෙන් චෝදනා කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම මගින්, නීතියේ ආධිපත්‍ය දීර්ඝ කාලීනව බිඳවැටීමටත්, පොලීසිය ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන විසින් කරනු ලබන ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලි පිළිබඳව පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වීමටත්, අධිකරණය මගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන පවතින මහජන විශ්වාසය පළුදු වීමට ඇති ඉඩකඩ පිළිබඳව කනස්සල්ල මෙසේ ප්‍රකාශ කරමු.

    රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථනිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව අපගේ නිරීක්ෂණයයි. චෝදනාවට පදනම් වන මුල් තොරතුර නිශ්පාදනය කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය විසිනි. ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ උපදෙස් මත සැකසූ එය, රනිල් වික්‍රමසිංහ මහතාට වරද ආරෝපනය සදහා ද්වේශ සහගතව දේශපාලනික අරමුණක් සහිතව සකසන ලද්දක් බව පෙනීයයි. ⁠එම අභ්‍යන්තර වාර්තාව රජයේ විගනකාධිපතිවරයා විසින් තහවුරු කරන ලද වාර්ථාවක් නොවේ. එබැවින්, එහි සැඟවුණු දේශපාලනික අරමුණ එමගින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නීති ව්‍යවහාරයන් හා භාවිතයන් පවතී. එසේ තිබිය දී, නඩුවේ සාක්ෂිකරුවන් 38 දෙනෙකු ගේ විමර්ශන අවසන් කර නොමැති පරිසරයක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම මෙරට අධිකරණ පද්ධතියේ ව්‍යවහාරයන්ට පටහැනි වේ.

    තව ද, මෙම පැමිණිල්ලට අදාල චෝදනාව විමර්ශනය කරන ලද්දේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණු මුලස්ථානයේ දී පුවත්පත් සාකච්ඡා පැවැත්වූ, නිත්‍ය පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිට දේශපාලන අවශ්‍යතාව මත නැවත සේවයට කැඳවා ඇති විමර්ශකයෙකු විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් මගිනි. දේශපාලන අවශ්‍යතාව මත නිර්මාණය කරනු ලැබූ තොරතුරු සහ සාක්ෂි මත, දේශපාලන පත්වීම් ලැබූ විමර්ශකයින් විසින් විමර්ශන පවත්වා චෝදනා ගොනු කිරීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා දැවැන්ත බලපෑමක් එල්ල කරනු ලබයි. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයකි. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන නිදහස හා දේශපාලන මතවාද දැරීමේ අයිතිය රැකගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවිය යුතු බව අපි අවධාරණය කරමු. මෙම ක්‍රියාවලියට එරෙහිව අපගේ බලවත් විරෝධය හා කනස්සල්ල මෙයින් ප්‍රකාශ කරමු. එසේම මේ සමස්ත ක්‍රියාදාමයම මෙයට ක්‍රියාකාරී දේශපාලන නායකයන් ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

    2025 අගෝස්තු 24

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.