Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 2026

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතුයි – IMF අවධාරණය කරයි
    Featured

    පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතුයි – IMF අවධාරණය කරයි

    By LFNJuly 25, 2025No Comments5 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීමට සහ බලශක්ති උපයෝගිතාවල මූල්‍ය තිරසරභාවයට සහාය වීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර සිටී. ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වය යටතේ වූ ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායම 2025 වසරේ ජූලි 21 සිට 25 දක්වා කොළඹ සංචාරය කළ අතර දූත මෙහෙවර අවසානයේ, පපාජෝ(ර්)ජියෝ මහතා විසින් නිකුත් කළ ප්‍රකාශයේ මේ බව සඳහන් වේ.

    මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය.

    දූත මෙහෙවර අවසානයේ, පපාජෝ(ර්)ජියෝ මහතා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

    “ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ආර්ථික වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා ගනිමින් සිටියි. අපේක්ෂිත මට්ටම ඉක්මවා යමින් 2025 වසරේ පළමු කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.8කින් වර්ධනය විය. 2025 වසරේ දෙවන කාර්තුවේ දී මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට -1.1 ක් වූ අතර එය ක්‍රමයෙන් ඉලක්කය වෙත ළඟා වෙමින් තිබේ. 2025 ජුනි මස අග වන විට දළ විදේශ සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 6ක් වූ අතර, ආනයනිත මෝටර් රථ සඳහා වන බදු සහ එකතු කළ අගය මත බදු වල ශක්තිමත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් බදු ආදායම් රැස් කිරීම අඛණ්ඩව වැඩි දියුණු විය.

    “ආර්ථිකයේ ඉදිරි දැක්ම යහපත් වුව ද, ශ්‍රී ලංකාවේ අපනයන මත පැනවිය හැකි ඉහළ තීරු බදු, අඛණ්ඩ වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ ඉහළ ගිය භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් අයහපත් අවදානම් වැඩි වී තිබේ. මෙය, ප්‍රතිසංස්කරණයන්හි ගම්‍යතාව පවත්වා ගැනීමේ සහ රාජ්‍ය මූල්‍ය අවකාශය හා බාහිර ස්වාරක්ෂක යළි ගොඩනැගීමේ උත්සාහයන්ගේ ඇති වැදගත්කම අවධාරණය කරයි. මෙම ප්‍රතිසංස්කරණ මගින්, ශ්‍රී ලංකාවේ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහ දැඩි පරිශ්‍රමයකින් පසුව මේ දක්වා ළඟා කරගෙන ඇති ආර්ථික දියුණුව ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත. එවැනි අවදානම් ඇති වුවහොත්, ඒ සදහා විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පරාමිතීන්ට අනුව විසඳුම් ලබාදෙනු ඇත.

    “සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගෙන යෑමට රාජ්‍ය මූල්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා වන කල් පවත්නා ප්‍රයත්න අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා ප්‍රධාන අවශ්‍යතාවයක් වන ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක මට්ටමක මැදි කාලීනව පවත්වා ගැනීමේ අරමුණ අඛණ්ඩව සාක්ෂාත් කර ගැනීම සඳහා 2026 වසරේ අයවැය ජා.මූ. අරමුදලේ පාරාමිතීන්වලට අනුකූල වෙමින් ආදායම ඉහළ නංවා ගැනීමේ ශක්තිමත් ක්‍රියාමාර්ග සහ සුදුසු වියදම් ප්‍රතිපාදන මත පදනම් විය යුතුය. බදු සහන ලබා දීමේ රාමුව ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම, සහ රජයේ හිඟ වියදම් නැවත උද්ගත වීම වළක්වා ගැනීම ඇතුළුව රාජ්‍ය මූල්‍ය කළමණාකරණය වැඩිදියුණු කිරීම ද වැදගත් වේ. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය, රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය ප්‍රසම්පාදනය, සහ රාජ්‍ය වත්කම් කළමනාකරණය සම්බන්ධව ඉදිරියේදී හදුන්වාදීමට නියමිත නීති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට සහ පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූල විය යුතුය. රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීමට සහ බලශක්ති උපයෝගිතාවල මූල්‍ය තිරසරභාවයට සහාය වීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතු ය. ඒ අතර ම ඉලක්කකරණය, ආවරණය හා ප්‍රමාණවත්බව වැඩිදියුණු කළ සමාජ ආරක්ෂණ ජාල හරහා දුගී සහ අවදානමට ලක් විය හැකි ජනතාව ආරක්ෂා කිරීම ද වැදගත් වේ.

    “ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මේ වනවිට එහි අවසානයට ළඟා වෙමින් පවතී. ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට සහ ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ගොඩනගා ගැනීම සඳහා, නිල සහ වාණිජ ණය හිමියන් සමග මේ වන විට අවසන්කර නොමැති ද්විපාර්ශ්වික ගිවිසුම්, කඩිනමින් අවසන් කිරීම අපි දිරිමත් කරමු. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කඩිනම් කළ යුතු ය.

    “මුදල් ප්‍රතිපත්තිය විචක්ෂණශීලී විය යුතු අතර මිල ස්ථායීතාව කෙරෙහි ප්‍රමුඛතාව ලබා දිය යුතු ය. අයවැය පරතරය මහ බැංකුව මගින් මූල්‍යනය කිරීම වැළැක්වීම ඇතුළුව මහ බැංකුවේ ස්වාධීනත්වය අඛණ්ඩ ව සුරක්ෂිත විය යුතු ය. විදේශ සංචිත ගොඩනැංවීම සහ විනිමය අනුපාතිකයේ නම්‍යශීලීබව අඛණ්ඩව පවත්වා ගැනීම ද ප්‍රමුඛතා ලෙස පවතී. තිරසාර ලෙස පෞද්ගලික අංශයේ ණය වර්ධනයක් ඇති කිරීමට සහ එම අංශයේ දියුණුවට සහාය වීමට අක්‍රීය ණයවල කාර්යසාධනය නැවත ඇති කිරීම, රාජ්‍ය බැංකුවල යහපත් පාලනය සහ අධීක්ෂණය ශක්‌තිමත් කිරීම, සහ බුන්වත්භාවය හා ඒ සම්බන්ධ විසඳුම් රාමු වැඩිදියුණු කිරීම වැදගත් වේ.

    “රජයේ ක්‍රියාකාරී සැලැස්මේ දක්වා ඇති යහපත් පාලන ප්‍රතිසංස්කරණ ස්ථිරසාර ලෙස ක්‍රියාවට නැංවීම දූෂණ අවදානම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තීරණාත්මක වේ. වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති ලිහිල් කිරීම, තරගකාරීත්වය වැඩි කිරීම, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීම සහ කාලගුණ විපර්යාසවලට විසදුම් සෙවීම සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වර්ධන විභවය ඉහළ නැංවීම සඳහා සහාය දක්වයි.

    “ජා.මූ. අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ ප්‍රධාන අරමුණු සපුරාලීමේ ප්‍රගතිය විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනයේදී විධිමත් ලෙස තක්සේරු කෙරෙනු ඇත. පස්වන සමාලෝචනය පවත්වන කාල වකවානුව පිළිබඳ ව රජය සමග සාකච්ඡා කිරීමට නියමිත ය.

    “ජා.මූ. අරමුදලේ කණ්ඩායම අතිගරු ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා, ගරු කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සහ අනෙකුත් රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් සමග සාකච්ඡා පැවැත්වීය. ජා.මූ. අරමුදලේ කණ්ඩායම පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන පාර්ශ්වකරුවන් සමග ද සාකච්ඡා පැවැත්වීය.

    “දූත මෙහෙය අතරතුර ලබා දුන් විශිෂ්ට සහයෝගීතාව සම්බන්ධයෙන් බලධාරීන්ට ස්තූතිවන්ත වන අතර, මෙම අවිනිශ්චිත අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහාය වීමට අපගේ ඇති කැපවීම නැවත තහවුරු කරන්නෙමු.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 202605 Views

    තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා…

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.