Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    January 23, 2026

    රටම එකට මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන හැත්තෑදහස ඉක්මවයි

    January 23, 2026

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් අරඹයි

    January 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි
    International

    ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි

    By LFNJune 28, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානයට යුරේනියම් සැලකිය යුතු මට්ටමකට සුපෝෂණය කළ හැකි බවට බුද්ධි අංශ නිගමනය කළහොත් තමන් කිසිදු සැකයකින් තොර ඉරානයට නැවත පහර දෙන බවය.

    මින් පෙර සති අන්තයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට අමෙරිකාව සෘජුව සම්බන්ධ වෙමින් ට්‍රම්ප් ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය.

    අලි කමේනිගේ ප්‍රකාශටත් ට්‍රම්ප්ගෙන් පිළිතුරු

    මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුගිය අඟහරුවාදා සටන් විරාමයෙන් පසු පළමු දේශනය පවත්වමින් පැවසුවේ ප්‍රහාරවලින් සැලකිය යුතු කිසිවත් අත්කර ගැනීමට අමෙරිකාවට නොහැකි වූ බවය.

    ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට මෙම ප්‍රහාරවලින් සැලකිය යුතු කිසිවක් ඉටු නොවූ බවත් කටාර් හී අමෙරිකානු ගුවන් කඳවුරට එල්ල වූ පළිගැනීමේ ප්‍රහාරය අමෙරිකාවට දැඩි පහරක් බවත් දෙරට අතර යුද ජයග්‍රහණයෙන් ඉරානය ජයගත් බවත් ඔහු පවසා තිබේ.

    මීට පිළිතුරු ලබා දෙමින් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යුද්ධයෙන් විනාශ වූ ඉරානයේ ඊනියා උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලය සමග ඇති මෙම යුද්ධය ජයග්‍රහණය කළ බව පැවසීම මෝඩකමක් වන බවය.

    එමෙන්ම කමේනි රැකවරණය ලබන ස්ථානය තමන් නිවැරදිව දැන සිටි නමුත් ඔහුව ඝාතනය කිරීමට තමන් ඉඩ නොදුන් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහනේ සඳහන් කර තිබේ.

    එමෙන්ම තමන් පසුගිය දින කිහිපය තුළ සම්බාදක ඉවත් කිරීම සහ අනෙකුත් දේවල් පිළිබඳව තමන් කටයුතු කරමින් සිටි නමුත් ඒ වෙනුවට ඉරාන ආධ්‍යාත්මික නායකයා තමන්ට කෝපය සහ වෛරය, පිළිකුළ පිළිබඳ ප්‍රකාශයකින් පහර වැදීම හේතුවෙන් තමන් සම්බාධක සහන සහ තවත් බොහෝ දේවල් වහාම අත්හැර දැමීමට පියවර ගත් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,417 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    January 23, 20260127 Views

    විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත…

    රටම එකට මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන හැත්තෑදහස ඉක්මවයි

    January 23, 2026

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් අරඹයි

    January 23, 2026

    හිටපු කථානායක කරූ ජයසූරියගෙන් ජනපතිට ලිපියක්

    January 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.