Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි
    International

    ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි

    By LFNJune 22, 2025No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර එරට ජාතිය අමතා තිබේ.

    එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවය.

    “මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු” ට්‍රම්ප් ජාතිය අමතමින් එලෙස පැවසීය.

    එමෙන්ම සිදුකළ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් ලඟා කර ගත් බවත් තමාට ලෝකය හමුවේ පවසා සිටිය හැකි බවද ට්‍රම්ප් පැවසූ අතර ඊශ්‍රායලයට එල්ල වූ මෙම බිහිසුණු තර්ජනය මකා දැමීමට ඔවුන් කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත් තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේදී ප්‍රකාශ කළේය.

    තවද සිදුකළ ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් පියවර ගත් බවද අමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.

    මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකතන සංවාදයකද නිරත ව ඇති බවය.

    එමෙන්ම ප්‍රහාරයෙන් පසුව බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සහ තමා බොහෝ විට පැවසුවේ ශක්තිය තුළින් සාමය යන්න බවය.

    ඒ අනුව පළමුව ශක්තිය පැමිණෙන බවත් පසුව සාමය පැමිණෙන බවත් බෙන්ජමින් නෙතන්යාහු එහිදී පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 20250122 Views

    ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්

    December 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.