ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුමදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබේ.
එම නිවේදනයෙන් ටික වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
අමෙරිකානු ජනාධිපතිවරයා එම නිවේදනය කර තිබුණේ සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්ය.