Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දෙවන දිනටත්
    Hot News

    පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දෙවන දිනටත්

    By LFNJune 6, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසයි.

    පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8ට ආරම්භ වූ අතර අද උදෑසන අවසන් කිරීමට නියමිතව තිබුණි.

    එහෙත් ඊයේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කළේ අඛණ්ඩව පැය 48ක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කීරීමට ය.

    උසස්වීම්, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීම, වැටුප් හා දීමනා, විශ්‍රාම තත්ත්වයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම සහ සීමාවාසික පුහුණුව යන ගැටලු සහ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස සඳහන් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙයි.

    මේ අතර ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නම් ප්‍රථමයෙන් සේවයට වාර්තාකරන ලෙසය.

    අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය දන්වා සිටියේ, තම ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්වීමක් නොවීම හේතුවෙන් තවදුරටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත එළැඹීමට සිදු වූ බවයි.

    නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටළු විසඳාගැනීම සඳහා ඉහළ ශක්‍යතාවයක් පැවතියද, ඊට අදාළ විසඳුම් ලබාදීම වෙනුවට එම ඉල්ලීම් දේශපාලනික න්‍යාය පත්‍රයන් ලෙස හඳුන්වා දෙමින් වැරදි සහගත නිර්වචනයන් ලබාදීම සිදුවූ බවද පවසයි.

    ඒ අනුව ගැටළු විසඳීමට අදාළ කටයුතු සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂිතව කටයුතු කරද්දි, පරිපුරක වෛද්‍ය උපාධිධාරීන් බඳවාගැනීමට අදාළව සිදුකරනු ලැබූ අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් අකමැත්තෙන් හෝ මෙම වර්ජන ක්‍රියාමාර්ග වෙත එළඹීමට සිදු වූ බවද අදාළ නිවේදනයේ දැක්වේ.

    කෙසේ නමුත් පසුගිය රජයන් හමුවේ ක්‍රියාත්මක වූ සමහර දේශපාලනික වෘත්තීය සමිති ව්‍යාපාරයන් මෙන් පවතින රජය අපහසුතාවයට පත්කිරිම හෝ වෙනත් පාර්ශ්වයක් බලයට රැගෙන ඒමේ අවශ්‍යතාවයක් මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවන බවද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

    එබැවින් තම ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවත්, මෙම ගැටළුව විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා ලෙස මැදිහත් වන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260123 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.