දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය.
මෙම අවස්ථාවට දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, දිලිත් ජයවීර, රිෂාඩ් බදියුදීන් සහ රවී කරුණානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියේය.
එම සාකච්ඡාව සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.