Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය
    Hot News

    ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

    By LFNMay 15, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවත් ශ්‍රී ලංකා රජය පවසයි.

    ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබාගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුකළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදුකර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබේ.

    ඊට අමතරව, කැනඩාව විසින් 2006 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ අතර 2024 වසරේ ජුනි මාසයේදී මෙම නාමය නැවත තහවුරු කරන ලදී.

    කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි විරෝධතා පළ කර ඇත.

    බ්‍රැම්ප්ටන් නගර සභාවේ මෙම කණගාටුදායක මුලපිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කරනු ලැබිණි.

    මෙම ඉදිකිරීම, පුළුල් ශ්‍රී ලාංකික සහ කැනේඩියානු ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇති කරන්නක් බවට ශ්‍රී ලංකාව සලකයි.

    එවැනි පදනම් විරහිත චෝදනා ප්‍රචාරය කිරීම සහ අසත්‍ය මත පදනම් වූ ස්මාරක ඉදිකිරීම මහජනතාව නොමඟ යැවීම පමණක් නොව, සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ චිරස්ථායී සාමය සඳහා ගනු ලබන ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රයත්නයන්ට බාධාවක් වන බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (14) කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී, පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවත අවධාරණය කර තිබේ.

    මෙවන් ක්‍රියා හේතුවෙන් සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ රජයේ ප්‍රයත්න සංකීර්ණභාවයට පත්වන අතර, හෑල්ලුවට ද ලක්වන බව එම නිවේදනායන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.