Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති
    International

    සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

    By LFNMay 13, 2025No Comments2 Mins Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එය මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධාර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් ද වන බවය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) එරට ජාතිය අමතමිනි.

    එමෙන්ම සින්දූර් මෙහෙයුම නමක් පමණක් නොව රටේ මිලියන සංඛ්‍යාත ජනතාවගේ හැඟිම් පිළිබිඹු කිරීමක් බව පෙන්වා දෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම මෙහෙයුම යනු යුක්තිය සඳහා ඉන්දියාවේ නොසැලෙන කැපවීම වන බවත්ය.

    මෙම කැපවීම පසුගිය මැයි 06 වැනි දින රාත්‍රියේ සහ 07 වැනි දින අලුයම් කාලයේදී මුලු ලොවම යථාර්තයක් බවට පත්ව ඇති ආකාරය දුටු බවත් ඉන්දීය හමුදාවන් විසින් පාකිස්ථානයේ ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සහ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානවලට නිවැරදිව පහර දුන් බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

    එමෙන්ම ත්‍රස්තවාදීන් කිසි විටෙකත් ඉන්දියාව මෙතරම් විශාල තීරණයක් ගත හැකි යැයි සිතන්නට නොමැති බවද ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

    මේ වන විට පාකිස්තානයට එරෙහිව සිදු කරන ප්‍රහාර නවත්වා ඇති නමුත් ඉදිරි දිනයන් හිදී පාකිස්තානය කුමන පියවර අනුගමනය කරනු ඇත්දැයි ඉන්දියාව නිරීක්ෂණය කරන බවත් පැවසූ ඉන්දීය අග්‍රමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දියාවේ ත්‍රිවිධ හමුදාව, ඇතුළු සියලු ආරක්ෂක සේනා ඒ පිළිබඳව නිරන්තර සීරුවෙන් සිටින බවය.

    එමෙන්ම සින්දූර් මෙහෙයුම අතරතුර මියගිය ත්‍රස්තවාදීන්ට සමුදීමට ඉහළම පාකිස්තාන හමුදා නිලධාරීන් පැමිණි අයුරු ලෝකයම දුටු බවත් එය පාකිස්තානයේ අඳුරු පැතිකඩ ලොවට පෙන්වා දුන් බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ එය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයේ ප්‍රබල සාක්ෂියක් වන බවය.

    ඒ අනුව ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

    එමෙන්ම පාකිස්තාන හමුදාව සහ පාකිස්තාන රජය ත්‍රස්තවාදය දිරිමත් කරන ආකාරය යම් දිනක පාකිස්තානය විනාශය කරනු ඇති බවත් පාකිස්තානයට දිවි ගලවා ගැනීමට අවශ්‍ය නම් ත්‍රස්තවාදී යටිතල පහසුකම් විනාශ කිරීමට සිදුවනු ඇති බවත් පැවසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ත්‍රස්තවාදය සහ සාකාච්ඡා එකට යා නොහැකි බැවින් සාමය සඳහා වෙනත් මාර්ග නොමැති බවය.

    ඒ අනුව පාකිස්තානය සමග සාකච්ඡා තිබේ නම් එය හුදෙක් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වූ සාකච්ඡා පමණක් බවත් බුදුරජාණන් වහන්සේ විසින් ඉන්දියානුවන්ට සාමයේ මාර්ග පෙන්වා දී ඇති බැවින් සෑම ඉන්දියානුවෙකුටම සාමයෙන් ජීවත් වීමට හැකි විය යුතු බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා ඉන්දීය ජාතිය අමතමින් වැඩිදුරටත් පවසා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.