Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ජයක්
    Sport

    ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ජයක්

    By LFNMay 3, 2025No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී පැවති එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 308ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය.

    සිව්දින තරගයක් ලෙස පැවති මෙම තරගය ඊයේ (2) අවසන් විය. ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ මෙය පැවැත්විණි.

    ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය. එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස්කළහ.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපීපෙනෙන පන්දු යැවීමක නිතර වූ ඉසිත විජේසුන්දර ලකුණු 35කට කඩුලු 6ක් දවාගත්තේය.

    ලකුණු 238ක් ඉදිරියෙන් සිටිමින් යළි දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව එවර ලකුණු 376/4ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

    එහිදී නුවනිදු ප්‍රනාන්දු (102), නායක පසිඳු සූරියබණ්ඩාර (100) හා පවන් රත්නායක (නොදැවී 100) ශතක රැස්කිරීමට සමත් වූහ.

    ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

    කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ඔවුන් රැස්කළේ ලකුණු 306ක් පමණක් වූ අතර, ඒ හේතුවෙන් තරගය ජයපරාජයෙන් තොරව හෝ අවසන්කර ගැනීමට ඇෆ්ගනිස්තානයට නොහැකි විය.

    තරගයේ වීරයා ලෙස ඉනිම් දෙකෙහිම කඩුලු 10ක් (6/35, 4/75) දවාගත් ඉසිත විජේසුන්දර සම්මාන දිනාගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202602 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.