Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ජයක්
    Sport

    ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ජයක්

    By LFNMay 3, 2025No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී පැවති එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 308ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය.

    සිව්දින තරගයක් ලෙස පැවති මෙම තරගය ඊයේ (2) අවසන් විය. ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ මෙය පැවැත්විණි.

    ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය. එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස්කළහ.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපීපෙනෙන පන්දු යැවීමක නිතර වූ ඉසිත විජේසුන්දර ලකුණු 35කට කඩුලු 6ක් දවාගත්තේය.

    ලකුණු 238ක් ඉදිරියෙන් සිටිමින් යළි දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව එවර ලකුණු 376/4ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

    එහිදී නුවනිදු ප්‍රනාන්දු (102), නායක පසිඳු සූරියබණ්ඩාර (100) හා පවන් රත්නායක (නොදැවී 100) ශතක රැස්කිරීමට සමත් වූහ.

    ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

    කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ඔවුන් රැස්කළේ ලකුණු 306ක් පමණක් වූ අතර, ඒ හේතුවෙන් තරගය ජයපරාජයෙන් තොරව හෝ අවසන්කර ගැනීමට ඇෆ්ගනිස්තානයට නොහැකි විය.

    තරගයේ වීරයා ලෙස ඉනිම් දෙකෙහිම කඩුලු 10ක් (6/35, 4/75) දවාගත් ඉසිත විජේසුන්දර සම්මාන දිනාගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පැතුම් 4වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 26, 2025

    කාසියේ වාසිය බංග්ලාදේශයට

    June 25, 2025

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 20250120 Views

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම…

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.