Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු දෙන හැටි මෝදි ලොවටම කියයි
    International

    ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු දෙන හැටි මෝදි ලොවටම කියයි

    By LFNApril 25, 2025No Comments3 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය ජම්මු – කාෂ්මීරයේ, පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මේ වනවිට අවි ගැටුමක් දක්වා තීව්‍ර වී තිබේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ජම්මු කාෂ්මීරයේ හමුදා පාලන සීමාව ආසන්නයේදී දෙරටේ හමුදා අතර ඊයේ රාත්‍රියේ වෙඩි හුවමාරුවක් සිදුවී ඇති බවය.

    පාකිස්තානයට එරෙහිව ගන්නා සියලු ක්‍රියාමාර්ග සඳහා ඉන්දියාවේ විපක්ෂයේ සියලු පක්ෂ සහාය දැක්වීමට ද තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.

    ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මතභේද තවදුරටත් බිඳ වැටුණේ ඉන්දීය ජම්මු – කාෂ්මීරයේ, පහල්ගම් හි සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයත් සමගිනි.

    මෙම ත්‍රස්ත ප්‍රහාරය වාර්තා අතරට එක්වන්නේ, 2008 මුම්බායි ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් එල්ල වු දරුණුතම ප්‍රහාරය ලෙසය.

    පහල්ගම් ජනප්‍රිය සංචාරක මර්මස්ථානයක් ඉලක්ක කරගත් ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගිය අතර ඉන් බහුතරය දේශීය සංචාරකයින් ය.

    එමෙන්ම එම ප්‍රහාරයෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබුණි.

    මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණේ කාෂ්මීරයේ ක්‍රියාත්මක ප්‍රතිරෝධී පෙරමුණ නම් සංවිධානයකි.

    ඉන්දියාව චෝදනා කළේ එම සංවිධානය පාකිස්තානයේ ක්‍රියාත්මක ලක්ෂර් ඊ තයිබා සහ හිස්බුල් මුජහඩීන් වැනි සන්නද්ධ සංවිධානවලට අනුබද්ධ සංවිධානයක් බවට ය.

    ඒ අනුව, ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට පාකිස්තානයට සෘජුව චෝදනා කරමින් පාකිස්තානය සමග පවතින සබඳතා තවදුරටත් බිඳ හෙලන ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට ඉන්දියාව පියවර ගත්තේය.

    ඉන්දියාවේ රැඳීසිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට අප්‍රේල් 29 වැනිදාට පෙර සිය රටින් පිටව යන ලෙසට නියෝග කිරීමත් අටාරි දේශසීමා පිවිසුම වසා දැමීම ඉන්දීය රජය ගත් ප්‍රධාන තීන්දු අතරට අයත් ය.

    ඉන්දීය සංචාරකයින් ඉලක්ක කළ ත්‍රස්තවාදීන්ට දැඩි දඩුවම් පමුණුවන බවට ඉන්දීය අගමැති මෝදි අවධාරණය කළේ මෙවන් පසුබිමකය.

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි,

    “ඉන්දියාව ත්‍රස්තවාදීන් හඳුනාගෙන ඔවුන්ට සහ ඔවුන්ට සහාය දක්වන පිරිසට දැඩි දඬුවම් පමුණුවන බවට මුළු ලෝකයටම ප්‍රකාශ කරනවා. ත්‍රස්තවාදයට දඬුවම් හිමි නොවී තිබෙන්නේ නැහැ.”

    මේ අතර ඉන්දියාවට අයත් ඉන්දු ගංඟාව සහ එහි අතු ශාඛාවලින් පාකිස්තානයේ මිලියන සංඛ්‍යාත පිරිසකට ජලය සපයමින් 1960 වසරේදී අත්සන් තැබුණු ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට ද ඉන්දීය රජය පියවර ගත්තේය.

    ඉන්දු ගංඟාවල ජලය පාකිස්තානය වෙත ගලාඒම නැවැත්වීමට ඉන්දියාව උත්සාහ ගතහොත් එය යුදමය හැසිරීමක් ලෙස සලකන බවට පාකිස්තානය අනතුරු ඇඟවූයේ ඊට ප්‍රතිචාර වශයෙනි.

    එමෙන්ම ඉන්දියාවට අයත් හෝ ඉන්දීය ගුවන්සේවා මගින් පවත්වාගෙන යන ගුවන් යානා සියල්ලට තම ගුවන් කලාපය වසා දැමීමටත් පාකිස්තානය තීරණය කළේය.

    මෙවන් පසුබිමක ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර හමුදා පාලන සීමාව ආසන්නයේදී දෙරටේ හමුදා අතර ඊයේ රාත්‍රියේ වෙඩි හුවමාරුවක් සිදුවී තිබේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දීය හමුදා මුරපොළ ඉලක්ක කරමින් පාකිස්තාන හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස ඉන්දීය ආරක්ෂක හමුදා වෙඩි තැබීමක් සිදුකර ඇති බවය.

    කෙසේ වුවද ඉන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

    ඒ අනුව දෙරටේම හමුදා පාලන සීමාව ආසන්නයේ වාසය කරන පිරිසට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් නියෝග කර ඇතැයි සඳහන් ය.

    මේ අතර පහල්ගම් හි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ නිවාස ඊයේ රාත්‍රියේදී පුපුරා ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

    ඔවුන්ගේ නිවාස තුළ අටවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඊට හේතුවී ඇතැයි සඳහන් ය.

    ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයට එරෙහිව ඉන්දීය රජය අනුගමනය කරන සියලුම ක්‍රියාමාර්ගවලට එරට සියලුම විපක්ෂ දේශපාලන පක්ෂවල ද සහාය මේ වනවිට හිමිවී තිබීම විශේෂත්වයකි.

    ඉන්දීය රජයේ පියවරවලට පාකිස්තානය මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ප්‍රතිචාර දක්වමින් සිටින අතර 1972 දී දෙරට අතර අත්සන් තැබුණු ශිම්ලා ගිවිසුම අත්හිටුවන බවටත් පාකිස්තානය තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

    බංග්ලාදේශ විමුක්ති යුද්ධය අතරතුරදී ඉන්දියාව සහ පාකිස්තානය අතර 1971දී ආරම්භ වූ යුද්ධයට සාමය උදාවුණේ ශිම්ලා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුවය.

    ඒ අනුව පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවේ සහ පාකිස්තානයේ සාමය සම්බන්ධව නැවතත් අස්ථාවර තත්ත්වයක් උද්ගතවී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 202602 Views

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.