Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා
    Hot News

    නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

    By LFNApril 24, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

    දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවය.

    තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා පැවසීය.

    “ඇත්තටම අපි රටට ජනතාවට ඇත්ත කියන්න ඕනේ, මේ ඉන්න ලක්ෂ 4ක ජනතාව ගත්තොත් ඔවුන්ට දළදා වන්දනාව සිදුකර ගැනීමට තවත් දින 4ක් හෝ 5ක් ගත්වෙනවා. ඒ වගේම මහනුවර නගරය සීමා සහිතයි. නගරයට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැනට ඉන්න ජනතාව හොඳටම ප්‍රමාණවත් මහනුවරට දරන්න. ඒ වගේම තමා අපි ආහාර පාන සැපයුවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම කියන කාරණය තුළ දුෂ්කර තත්ත්වයක් තියෙනවා. තවදුරටත් ජනතාව මහනුවරට ආවොත් ඉදිරියේ දී සෞඛ්‍ය ගැටලු මෙන්ම විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා අපි ජනතාව ගැන හිතලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ජනතාවගෙන් නැවත දැනුම්දෙන තුරු මේ මහනුවර නගරයට එන්න එපා කියලා ඉල්ලීම් කරනවා.”

    මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසා සිටියේ මහනුවර නගරය තුළට තවත් ජනාතාව පැමිණියහොත් ඒ අයට පහසුකම් ලබාදීමට නොහැකි බැවින් කරුණාකර දළදා වන්දනාවට නැවත දැනුම්දෙන තුරු කිසිවෙකුත් නොපැමිණෙන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.