Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය
    Sport

    ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

    By LFNApril 19, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය.

    තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විනාඩි 2.14.25ක කාලයක් වාර්තා කළහ.

    මෙය ශ්‍රී ලංකා නව යොවුන් වාර්තාවක් ලෙසද සටහන් විය.

    මෙහි රන් පදක්කම විනාඩි 2.11.11කින් තරගය අවසන් කළ චීනය විසින් දිනාගත්තේය.

    විනාඩි 2.15.00කින් සිය ඉසව්ව අවසන් කළ තායිලන්තයට මෙහි ලෝකඩ පදක්කම හිමිවිය.

    ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා කටීෆ් හි පැවති මෙම තරගාවලිය ඊයේ (18) අවසන් විය.

    එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත්විය.

    ඒ අනුව තරගාවලියට සහභාගි වූ රටවල් රැසක් අතරින් අවම ලෝකඩ පදක්කමක් හෝ දිනූ රටවල් 19ක් අතරින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 9වන ස්ථානය හිමිවිය.

    මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියක දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද වෙයි.

    අවසන්වරට මෙම තරගාවලිය පැවැත් වූ 2023 වසරේදී ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිව ඇත්තේ රිදී 2ක් හා ලෝකඩ 2ක් සමගින් පදක්කම් 4ක් පමණි.

    රන් 19ක්, රිදී 12ක් හා ලෝකඩ 5ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගත් අතර, ජපානයට එහි දෙවන ස්ථානය හිමිවිය. ඔවුන් රන් 3ක්, රිදී 3ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

    සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත්වූයේ රන් 3ක්, රිදී පදක්කමක් හා ලෝකඩ 2ක් දිනාගනිමින්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.