Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අර්බුද අබිබවා ශ්‍රී ලංකාව ලබන ශීඝ්‍ර දියුණුවට සහායවීමට ලැබීම අතිශය සතුටක් – ඉන්දීය අගමැති
    Hot News

    අර්බුද අබිබවා ශ්‍රී ලංකාව ලබන ශීඝ්‍ර දියුණුවට සහායවීමට ලැබීම අතිශය සතුටක් – ඉන්දීය අගමැති

    By LFNApril 6, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අර්බුද අබිබවා ශීඝ්‍ර ප්‍රගතියක් අත්කරගනිමින් ඇති ශ්‍රී ලංකාවේ දියුණුවට සහාය දෙන්නට හැකිවීම පිළිබඳ තමා අතිශය සතුටට පත්වන බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡාවෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අගමැති මෝදි පැවසුවේ, ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණයවලින් ඩොලර් මිලියන සියයක් ප්‍රදානයක් බවට පත්කරන බවය.

    “ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද මා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය පිරිනැමීම විශාල ගෞරවයක් කොට සලකනවා. එය මා පිළිගැනීමක් පමණක් නොව බිලියන 1.4ක් වු ඉන්දියානු ජනතාව පිළිගැනීමක්. එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඓතිහාසික සබඳතා සහ ගැඹුරු මිත්‍රත්වයට පිදුණ උපහාරයක්.

    මෙය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස මගේ හතරවැනි ශ්‍රි ලංකා සංචාරයයි. අද ශ්‍රී ලංකාව ප්‍රගතියේ මාවතට නැවත අවතීර්ණ වි සිටිනු දැකීම සතුටට කරුණක්. ඒ සඳහා දායකත්වය දැක්වීමට හැකිවීම ගැන ඉන්දියාව සාඩම්බරයට පත් වෙනවා. එය සැබෑ අසල්වැසියෙක්, මිතුරෙක් ලෙස වගකීම ඉටුකිරීමක් ලෙසයි අප සලකන්නේ.

    ” අසල්වැසියාට ප්‍රමුඛත්වය’ යන අපේ ප්‍රතිපත්තිය සහ ‘මහසාගර්’ දැක්ම යටතේ ශ්‍රී ලංකාවට සුවිශේෂි ස්ථානයක් හිමිවනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයෙන් පසු අපේ සහයෝගීතාවයේ කැපී පෙනෙන ප්‍රගතියක් දැකිය හැකියි.

    සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවට දායක වේවි. බහු නිෂ්පාදන නල මාර්ගයක් ඉදිකිරීම සහ ත්‍රිකුණාමල වරාය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීම සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ අත්කර දේවි.

    දෙරට අතර ග්‍රිඩ් පද්ධතිවල අන්තර් සබඳතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමටත් අවස්ථාව උදා වනවා.

    පසුගිය මාස 6ක කාලය තුළදි පමණක් අප ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 100 ක ණය, ප්‍රදානයන් බවට පරිවර්තනය කරලා තියෙනවා. අපේ ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම මඟින් ශ්‍රී ලාංකික ජනතාවට කඩිනම් සහනයක් සලසනු ලබනවා.

    එමෙන්ම ණය පොලී අනුපාත අඩු කිරීමටත් අද අප තීරණයකට එළඹුණා. ඉන්දියාව, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අදත් පෙනී සිටින බව එයින් සංකේතවත් වනවා.

    නැගෙනහිර පළාතේ සමාජ හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හ්‍රී ලංකා රුපියල් බිලියන 2.4ක පමණ ආධාර පැකේජයක් පිරිනමනවා.

    අපේ ආරක්ෂක අභිලාෂයන් සමානුපාතික බව අප විශ්වාස කරනවා. අප රටවල් දෙකේම ආරක්ෂාව එකිනෙකා හා බැඳුණු එකිනෙකා මත යැපෙන බව කිව යුතුයි.

    ඉන්දියාවේ අභිලාෂයන් ගැන සංවේදි වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායකට මම කෘතවේදි වෙනවා.

    ධීවරයින්ගේ ජීවිකාවෘත්තීන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. මේ කාරණයේදි මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවට අප එකඟ වුණා. ධීවරයන් වහා නිදහස් කිරීමටත් ඔවුන්ගේ බෝට්ටු මුදාහැරීමටත් කටයුතු කළ යුතු බවත් අප අවධාරණය කළා.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ද අප සාකච්ඡා කළා. සියල්ලන් එක්කර ගැනීම සඳහා තම ප්‍රවේශය පිළිබඳව ජනාධිපති දිසානායක ඔහුගේ අදහස් මා වෙත පැවසුවා. ශ්‍රී ලංකා රජය පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු ව්‍යවස්ථාව මුළුමනින් ක්‍රියාවට නැංවීමෙන් දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලනු ඇතැයි අප අපේක්ෂා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.