Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»නීති විරෝධී ලෙස ඩිංගි බෝට්ටුවෙන් ගෙනා භාණ්ඩ සමඟ තිදෙනෙක් දැලේ
    Hot News

    නීති විරෝධී ලෙස ඩිංගි බෝට්ටුවෙන් ගෙනා භාණ්ඩ සමඟ තිදෙනෙක් දැලේ

    By LFNMarch 26, 2025No Comments1 Min Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ පසුගියදා (23) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් 402කට අධික තොගයක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

    උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර ඇත.

    එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර 14ක අසුරන ලද නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝ 402 ග්‍රෑම් 200ක පමණ තොගයක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් තිදෙනකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

    මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 32ත් 50ත් අතර මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

    නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා, එනසාල් තොගය, ෂැම්පු තොගය, රූපලාවණ්‍ය ආලේපන පැකට් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.