Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»අද හෙටම අපටත් කේබල් කාර් අත්දැකීම
    Gossip

    අද හෙටම අපටත් කේබල් කාර් අත්දැකීම

    By LFNMarch 25, 2025No Comments2 Mins Read25 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිලෝ මීටරයකට වැඩි දුරක් ආධාරකයක් නැති
    කේබල් කාර් අතළොස්ස අතර ලංකාවේ නමත්
    කඳු දෙකක් අතර කිලෝ මීටරයකට වැඩි දුරක් කිසිදු ආධාරකයක් නොමැතිව ඉදිවන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා චීන රජයේ ශ්‍රී ලංකා තානාපති කිව් ෂෙන්හෝන් (Qμ Zhenhon) ගම්පොළ අම්බුළුවාව කඳු මුදුනට පැමිණියේය.

    ලෝකයේ කඳු දෙකක් අතර කිලෝ මීටරයකට වැඩි දුරක් කිසිදු ආධාරකයක් නොමැතිව ක්‍රියාත්මක කෙරෙන කේබල් කාර් ව්‍යාපෘති දුර්ලභය. ඒ දුර්ලභ අවස්ථාව දැක අත්විඳීමට ශ්‍රී ලාංකික ජනතාවට මේ වසර අගදී අවස්ථාව උදාවනු ඇත.

    අද හෙටම අපටත් කේබල් කාර් අත්දැකීම
    ඒ ගම්පොළ අම්බුළුව කේබල් කාර් ව්‍යාපෘතියෙනි. චීනයේ හා ඇමෙරිකාවේ ඒකාබද්ධ ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවෙන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ප්‍රථම අදියර කිලෝ මීටර් 1.8ක ප්‍රමාණය මේ වසර අවසන් වීමට නියමිතය. ඒ අනුව අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ ප්‍රවේශ දොරටුවේ සිට මීටර් 600ක් අම්බුළුවාව කඳු මුදුනට කේබල් කාර් මගින් ගමන් කර එතැන් සිට කිලෝ මීටර් 1.2ක ප්‍රමාණයක් කිසිදු ආධාරකයකින් තොරව කේබල් කාර් මගින් අම්බුළුවාව ගොවි ජන කුලුනට ප්‍රවේශ විය හැකිය. මේ වසරේ ඔක්තෝබර් මාසයට පෙර මෙරට ජනතාවට මෙම අපූරු අත්දැකීම විඳ ගන්නට අවස්ථාව ලැබෙනු ඇති බව අම්බුළුවාවට පැමිණි චීන රජයේ ශ්‍රී ලංකා තානාපති කිව් ෂෙන්හොන් (Ambassador Qμ Zhenhong) මහතා සමග අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ අනුරාධ ජයරත්න මහතා සඳහන් කෙළේය. අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය පිළිබඳ ශඛ්‍යතා අධ්‍යයනය සිදුව තිබෙන්නෙ මීට වසර දහ අටකට පෙරය. එය සිහිනයක් නොවී යථාර්ථයක් බවට පත් කර ගන්න හැකියාව ලැබී ඇත්තේ චීනයේ හා ඇමෙරිකාවේ ආයෝජකයන් නිසා බව කෘතවේදීව සිහිපත් කරන්න කැමැති, යැයිද නීතිඥ අනුරාධ ජයරත්න මහතා තානාපතිවරයා සමග පැවසුවේය.

    අම්බුළුවාවට පැමිණි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා දැනට ඉදිවෙමින් පවතින මෙම ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් සතුට පළ කෙළේය. ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති බැඳීම තවත් ශක්මත් කෙරෙන මෙවැනි ව්‍යාපෘතියකට චීන ආයෝජකයකු සම්බන්ධ වීම සතුටක් බව තානාපතිවරයා මෙහිදී සඳහන් කෙළේය. අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ දෙවන අදියර ගම්පොළ දුම්රිය නැවැතුම ආසන්නය දක්වා ක්‍රියාත්මක වන බවද එමගින් බදුලු දුම්රියෙන් ගමන් ගන්නා විදේශ සංචාරකයන්ට හා ගම්පොළ හරහා නුවරඑළියට යන විදෙස් සංචාරකයන්ට ද ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට හැකි යනු ඇති බවද අනුරාධ ජයරත්න මහතා චීන තානාපතිවරයා සමග කිවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.