Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»
    Uncategorized

    By LFNMarch 18, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව සඳහන් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ සඳහන් පරිදි රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබේ.

    ඒ අනුව,

    ප්‍රථම සංචාරය – 2023 මැයි 09 වනදා, ii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා.

    දෙවැනි සංචාරය – පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (lDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහා.

    තෙවන සංචාරය – හවානා නුවර G 77 සමුළුවට සහභාගී වී පසුව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණීම.

    එලෙස තෙවනවරට ලන්ඩන් නගරය ගොස් ඇත්තේ, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මහා බ්‍රිතාන්‍යයේ වුල්වන්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහාය.

    රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවට සභාගිවූ දිනවලම වුල්වන්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ එම උත්සවය ද පැවති බැවින් ලැබුණු ආරාධනය මත හිටපු ජනාධිපතිවරයා ද එම උත්සවයට සහභාගීම සඳහා ලන්ඩන් නගරයට ගිය බව සඳහන් වේ.

    මේ සංචාරවලදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් රැසක් හමුවූ බවද සඳහන් වේ.

    එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුරදී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම්, වැඩමුළු ආදියටද සහභාගී වී තිබේ.

    නිව්යෝක් නුවර සිට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවැති බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීම පසුදා තෙක් කල් දමා තිබේ.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශිත ආකාරයේ අධික මුදලක් වැය වූයේ යයි පැවසීම අතිශය ගැටලු සහගත බවත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මේ කරුණ හමුවේදී ද පැහැදිලි වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් ලන්ඩන් නුවරට 2023 වර්ෂයේදී කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැති බවත් ඒ පිළිබඳව කරන සියලු ප්‍රකාශ සාවද්‍යය බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.