Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

    May 21, 2025

    රමිත් රඹුක්වැල්ල ජූනි 3වනදා දක්වා රිමාන්ඩ්

    May 21, 2025

    කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

    May 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»
    Uncategorized

    By LFNMarch 18, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව සඳහන් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ සඳහන් පරිදි රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබේ.

    ඒ අනුව,

    ප්‍රථම සංචාරය – 2023 මැයි 09 වනදා, ii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා.

    දෙවැනි සංචාරය – පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (lDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහා.

    තෙවන සංචාරය – හවානා නුවර G 77 සමුළුවට සහභාගී වී පසුව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණීම.

    එලෙස තෙවනවරට ලන්ඩන් නගරය ගොස් ඇත්තේ, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මහා බ්‍රිතාන්‍යයේ වුල්වන්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහාය.

    රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවට සභාගිවූ දිනවලම වුල්වන්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ එම උත්සවය ද පැවති බැවින් ලැබුණු ආරාධනය මත හිටපු ජනාධිපතිවරයා ද එම උත්සවයට සහභාගීම සඳහා ලන්ඩන් නගරයට ගිය බව සඳහන් වේ.

    මේ සංචාරවලදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් රැසක් හමුවූ බවද සඳහන් වේ.

    එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුරදී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම්, වැඩමුළු ආදියටද සහභාගී වී තිබේ.

    නිව්යෝක් නුවර සිට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවැති බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීම පසුදා තෙක් කල් දමා තිබේ.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශිත ආකාරයේ අධික මුදලක් වැය වූයේ යයි පැවසීම අතිශය ගැටලු සහගත බවත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මේ කරුණ හමුවේදී ද පැහැදිලි වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් ලන්ඩන් නුවරට 2023 වර්ෂයේදී කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැති බවත් ඒ පිළිබඳව කරන සියලු ප්‍රකාශ සාවද්‍යය බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක්

    May 21, 2025

    බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

    May 21, 2025

    සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

    March 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,490 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,908 Views
    Don't Miss

    පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

    May 21, 20250119 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා…

    රමිත් රඹුක්වැල්ල ජූනි 3වනදා දක්වා රිමාන්ඩ්

    May 21, 2025

    කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

    May 21, 2025

    කුඩු සළිඳු රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලයි

    May 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.