Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»තමන්ගේම යාහළුවාට කුරිරු වූ පහේ පන්තියේ පාසල් දරුවෝ
    Uncategorized

    තමන්ගේම යාහළුවාට කුරිරු වූ පහේ පන්තියේ පාසල් දරුවෝ

    By LFNMarch 17, 2025No Comments2 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිහිටියන් ලෙස නිරන්තර අවධානයකින් පසුවිය යුත්තේ, ඇතැම් ක්‍රියාවන්හි බරපතළකම පිළිබඳව ඔවුන්ට නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙනි.

    දරුවන්ගේ එවන් අනාරක්ෂිත ක්‍රියාකාරකමක් නිසා සිදුවන්නට ගිය බරපතළ ඛේදවාචකයක් ඇසිල්ලකින් වැළකී යෑමේ පුවතක් ගම්පොල අධ්‍යාපන කලාපයෙන් අද දෙරණට වාර්තා විය.

    ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසලක පින්තාරු කටයුත්තක් සඳහා රැගෙන ඒමෙන් පසු ඉතිරි වූ ටිනර් බිමට හළමින් ඒ මත ගිනි දල්වා විනෝද වීමට විදුහලේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් කටයුතු කර තිබේ.

    එහිදී එක් සිසුවෙක් බෝතලයකට ටිනර් ස්වල්පයක් රැගෙන එය සිය පාසල් බෑගයට දමාගන්නා ආකාරය දුටු තවත් සිසුවෙකු එය ගුරුවරියකට දැනුම් දී ඇත.

    එම සිදුවීමෙන් උරණ වූ සිසුන් දෙදෙනෙකු ටිනර් පිරවූ භාජනයකට ගිනි තබා එය අදාළ සිසුවා දෙසට විසිකර ඇති බව වාර්තා වේ.

    එහිදී ගිනි ගන්නා ටිනර් භාජනය සිසුවාගේ දෙපා මතට වැටී ඇති අතර ඉන් බේරීම සඳහා සිසුවා දිවයන අවස්ථාවේ වෙනත් පංතියක සිටි ගුරුවරියක එම සිසුවා නවතා ගින්න නිවීමට පියවර ගෙන ඇත.

    ගින්නනෙන් සිසුවාගේ දෙපා පිළිස්සී තිබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ එම ඛේදනීය සිදුවීමට මුහුණදුන් සිසුවා,

    “එදා අපේ පංතිභාර ගුරුතුමිය ආවේ නැහැ. ඉස්කෝලේ තිබූ ටිනර් කෑන් එකේ අපේ පංතියේ යාළුවෝ අරං ඒක බිමට හලලා සෙල්ලම් කළා. ඒක තීන්ත ටින් එකට හලලා මල්ලට දාලා ගෙදර ගෙනියන්න හංගගත්තා. ඒක මම දැකලා කම්ප්ලේන් කළා. ඊටපස්සේ එයාලා මට බැන්නා මම පාවලා දුන්නා කියලා. ඊටපස්සේ එයාලා තීන්ත ටින් එකට හලලා ඒක පත්තු කරලා මගේ මූණට විසිකළා. ඒක ඩෙස්ක් එකේ වැදිලා කකුල් දෙක ගොඩක් ගිනි ගත්තා. ඊට පස්සේ මම දුවගෙන යනකොට හතරේ පංතියේ ටීචර් ඉස්කෝලේ බෑග් එක අරං කකුලට ගහලා ටීචර්ගේ වතුර බෝතලය අරන් වතුර හලලා නිව්වා. මගේ කකුල පිච්චිලා මට ඉන්න බැහැ දැවිල්ලයි. මට ඉස්කෝලේ යන්න විදියකුත් නැහැ.”

    මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය මෙන්ම ගම්පොල රෝහල් පොලීසියද වාර්තාකළ කරුණු අනුව නව කුරුඳුවත්ත පොලීසිය එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භකර තිබේ.
    ‍
    පාසල් තුළ කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන් වඩා විමසිලිමත් නොවීම, බරපතළ ඛේදවාචකයන්ට අත වැනීමක් බවට මෙම සිදුවීම කදිම සාක්ෂියකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

    May 5, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 202602 Views

    අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ…

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.