Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඇමෙරිකන් සටන් විරාමයට යුක්රේනය කැමතියි
    International

    ඇමෙරිකන් සටන් විරාමයට යුක්රේනය කැමතියි

    By LFNMarch 12, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කළේය.

    යුක්රේන රජය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක්, සෞදියේ ජෙඩා නුවරදී පැවැත්විණි. සෞදි රජයේ නියෝජිතයෝ සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස පෙනී සිටියහ.

    යුක්රේන රජයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඔන්ද්‍රි යාමැක්ය. මොහු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වෙනුවෙන් යුක්රේන ජනාධිපති කාර්යාලයේ නියෝජිතයාය.

    දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඇමෙරිකාව යෝජනා කළ දින 30 ක සටන් විරාමයට කැමැත්ත පළ කිරීමට යුක්රේන නියෝජිතයෝ එකඟ වූහ.

    ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින්, සෞදියේ පැවැති සාකච්ඡා සඳහා සහභාගී වුණු ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇමෙරින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝය.

    මීට සති දෙකකට පෙර, පසුගිය 28 වැනිදා යුක්රේන ජනාධිපති සෙලන්ස්කී, යුක්රේනයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක ගනුදෙනුවකට අත්සන් තැබීමට ධවල මන්දිරයට ගියේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එක් වී යුක්රේන ජනාධිපතිවරයාට දෙහි කැපුවේ එම අවස්ථාවේදීය.

    එම සිද්ධියෙන් පසු ඇමෙරිකාවත් යුක්රේනයත් අතර හොඳහිත පළුදු වුණු අතර, කෝපයට පත්ව සිටි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට පරිභව කරමින්, ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් සියලුම යුද ආධාර නැවැත්වීමට අණ දුන්නේය.

    ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය ඇතුළුබටහිර යුරෝපා රටවල් යුක්රේනයේ සහායට ඉදිරිපත් වුණු අතර, එම රටවල් සහ යුක්රේනය එක් වී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාම වැඩපිළිවෙළක් ද සකස් කෙරුණි.

    සෞදියේ රතු මුහුද ආශ්‍රිත ජෙඩා නුවරදී, ඇමෙරිකන් නියෝජිතයන් හමුවුණු අවස්ථාවේදී, එම සටන් විරාම වැඩපිළිවෙළ ද යුක්රේන නියෝජිත කණ්ඩායම ඇමෙරිකන් නියෝජිතයන්ට ඉදිරිපත් කළ බව වාර්තා වේ.

    ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කිරීමත් සමඟ, යුක්රේනය සමඟ බුද්ධි තොරතුරු යළි ස්ථාපිත කිරීමටත්, යුක්රේනයට අවශ්‍ය ආරක්ෂක සහාය යළි ලබා දීමටත් ට්‍රම්ප් පරිපාලනය එසැණින් කටයුතු කළේය.

    ‘අප මැදිහත් වී සකස් කළ සටන් විරාමයට සහ සාම සැලැස්මට යුක්රේනය කැමැත්ත පළ කිරීම සතුටක්. දැන් අප එය රුසියාවට යොමු කරනවා. රුසියාවෙන් ඊට කැමැත්ත පළ වුණොත් සටන් විරාමය ආරම්භ වනු ඇත. එය සාර්ථක වුවහොත් අපට යුද්ධය සම්පූර්ණයෙයන් නැවැත්වීමට පූර්ණ සටන් විරාමයකට යන්න පුළුවන් වේවි’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 20260160 Views

    හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ…

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.