Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 2025

    ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

    June 21, 2025

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට
    Sport

    ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

    By LFNMarch 10, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙහිදී නවසීලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 252ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 49වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් විය.

    ඉන්දීය කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය.

    ඊට අමතරව ශ්‍රෙයාස් අයියර් ලකුණු 48ක් හා කේ. එල්. රාහුල් නොදැවී ලකුණු 34ක් රැස්කළහ.

    නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් (2/46) හා මිචෙල් බ්‍රැස්වෙල් (2/28) කඩුලු 2 බැගින් දවාගත්තේය.

    මෙය ඉන්දියාව ශූරයන්ගේ කුසලානයක් දිනාගත් 3වන අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.

    ඒ අනුව ඔවුන් වැඩිම වාර ගණනක් ශූරයන්ගේ කුසලාන දිනාගත් කණ්ඩායම බවට පත්විය.

    මීට පෙර ඉන්දියාව 2002 (ශ්‍රී ලංකාව සමග සම ශූරතාව) හා 2013 වර්ෂන්හිදී ශූරතාව ජයග්‍රහණය කර තිබුණි.

    එමෙන්ම නවසීලන්තය ශූරයන්ගේ කුසලානයක අනුශූරතාවක් දිනාගත් දෙවන අවස්ථාව මෙයයි.

    මීට පෙර ඔවුන් 2009 වසරේදී ද අනුශූරයන් වී තිබුණි.

    එක් වරක් ශූරයන්ගේ කුසලානයටද හිමිකම් කියන ඔවුන්, 2000 වසරේදී ඉන්දියාව පරාජය කර එය හිමිකරගෙන තිබුණි.

    වසර 8කට පසුව පැවැත්වූ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ICCය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් වෙන්කර තිබුණි.

    එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකය.

    ඒ අනුව එම ත්‍යාග මුදලට හිමිකම්කීමට ඉන්දියාවට හැකිවිය.

    එමෙන්ම අනුශූරයන් සඳහාද ඩොලර් මිලියන 1.12ක මුදලක් වෙන්කර තිබුණි.

    මීට අමතරව සමස්ත තරගාවලියේ එක් එක් අදියරයන් වෙනුවෙන්ද ICCය විසින් ඩොලර් මිලියන 6.9ක අතිදැවැන්ත මුදලක් වෙන්කර තිබූ අතර, එය රුපියල් කෝටි 203කට අධිකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025

    මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

    June 17, 2025

    මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

    May 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 20250120 Views

    අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු…

    ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

    June 21, 2025

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025

    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    June 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.