Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

    May 21, 2025

    රමිත් රඹුක්වැල්ල ජූනි 3වනදා දක්වා රිමාන්ඩ්

    May 21, 2025

    කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

    May 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි
    Uncategorized

    රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි

    By LFNMarch 7, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

    ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අවස්ථාවේදීය.

    ප්‍රශ්නය – පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?

    පිළිතුර – මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන.

    ප්‍රශ්නය – 2022 වසරේ ඔබ බලයට පැමිණ පැය කිහිපයකින් ඔබ ආරක්ෂක හමුදා අමතලා නීතිය හා සාමය ඇතිකරන්න ඕනෑම දෙයක් කරන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා නේද? ඊළඟට ඔවුන් ප්‍රචණ්ඩකාරී අන්දමින් විරෝධතාකරුවන් මර්දනය කළා නේද?

    පිළිතුර – කවුරුවත් තරුණ පෙළේ අදහස් නොසලකා හැරියේ නැහැ. පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස මා පත් කළ විට මම නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු වනවා. පාර්ලිමේන්තුව කැරලිකරුවන් විසින් අත්පත් කරගත්තොත් කවර තත්ත්වයක්ද උදාවෙන්නේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ද ?

    ප්‍රශ්නය – ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කරන විදියට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ඔබේ කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් කැනිස්ටර් 944ක් පාවිච්චි කර තියෙනවා ?

    පිළිතුර – ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අපේ රටවල් අපකීර්තියට පත්කරනවා. මොකද ඔවුන් වෙනස් ආකාරයක අදහස් දරන අය.

    ප්‍රශ්නය – යුරෝපා සංගමය කියනවා සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය විදියට බලය යෙදවීමක් සිදුවී ඇති බව.

    පිළිතුර – යුරෝපා සංගමය ඇතැම් රාජ්‍යයන් නොවන සංවිධානවලට මූල්‍යාධාර සපයා තිබෙනවා. ඔවුන් මට ඉල්ලා අස්වන ලෙසත් බල කළා. ඔවුන්ම තමයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගත් බවට මට ප්‍රශංසා පළ කරන්නේ.

    ප්‍රශ්නය – ඔබ යුරෝපා සංගමයට කැමති නැහැ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් කැමති නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් විරුද්ධයි.

    පිළිතුර – නැහැ. මම යුරෝපා සංගමයට කැමතියි. ඔබට මට ආයතන ගැන කියන්න තියෙන හැමදෙයක්ම කියන්න. ඊළඟට මම උත්තර දෙන්නම්. මම දේශපාලනයේ ඉන්නේ ඔබ ඉපදෙන්නත් කලින් ඉඳලා.

    ප්‍රශ්නය – කතෝලික පල්ලියේ ප්‍රධානියා වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියනවා ඔබ පාස්කු ප්‍රහාරයේ සැබෑ විමර්ශනයක් කරන්න උත්සාහ නොගත් බව. ඔබ ඒ සඳහා පත්කළ කොමිසම ඵලක් නැති වාර්තාවක් නිකුත් කළ බවයි ඔහු කිව්වේ.

    පිළිතුර – මම දන්නවා කතෝලික පල්ලියේ දේශපාලනයක් පවතින බව.

    මේ අතර අල්ජසීරා නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අද (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දක්වා තිබුණි.

    “අල්ජසීරා නාලිකාවේ සාකච්ඡාව අපේ වගේ නෙමෙයි. අපේ සජීවීව අරගෙන සියල්ලම දානවා. හොඳයි නරකයි දෙකම. අල්ජසීරා පැය 2ක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ. සමහර හොඳ ඒවා තිබුණා. දාලා නැහැ. ඔක්කොම දැම්මා නම් තත්ත්වය මීට වඩා වෙනස්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක්

    May 21, 2025

    බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

    May 21, 2025

    සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

    March 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,490 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,909 Views
    Don't Miss

    පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

    May 21, 20250120 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා…

    රමිත් රඹුක්වැල්ල ජූනි 3වනදා දක්වා රිමාන්ඩ්

    May 21, 2025

    කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

    May 21, 2025

    කුඩු සළිඳු රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලයි

    May 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.