Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්
    Hot News

    මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

    By LFNFebruary 26, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශිව දෙවියන් සහ ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” මහා ශිව රාත්‍රි දිනය මඟින් සංකේතවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ඒ සවිමත් පාදම මත හිඳ යහපත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා එකම ජාතියක් ලෙස අප සැම එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.

    සියලුදෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් වෙත ගමන් කරමින් සිටින බවඳ එහි වැඩිදුරටත් සඳහන්ය.

    සම්පූර්ණ නිවේදනය පහතින්.

    – උපුටා ගැනීම –

    “ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රි දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තතනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙයින් සිහිපත් කෙරේ.

    එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” සංකේතවත් කරයි. එහෙයින් ‘මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල් වේවා’යි යන ප්‍රාර්ථනයෙන් මෙදින රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති. එමෙන්ම ජීවිතයේ සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීමද මහා ශිව රාත්‍රී දිනයේ දී සිදුකෙරේ.

    ශිව හා පාර්වතීගේ එක් වීම සවිඥානයේ හා ශක්තියේ එක් වීමකි. එය, දෑස් වසා ලූ මෝහයේ තිරපට ඉරා යථාවේ ආලෝකයට දෑස් විවර කිරීමකි. මේ මොහොත යුග ගණන් අප සහෘදත්වයෙන් දුරස් කර ලූ භේද-බිඳුම් නිර්මාණය කළ අශිෂ්ට අඳුරේ තිරකඩ ඉරා එකමුතුව මුළු බඳිමින් මේ බිම මත නව යුගයක උදාව අත්විඳිමින් සිටින අවස්ථාවකි.

    අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතකි.

    ඒ සවිමත් පාදම මත හිඳ යහපත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා එකම ජාතියක් ලෙස අප සැම එක්ව ඉදිරියට යා යුතුය.

    සියලුදෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනඟනු වස් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් කරා අප මේ වන විට ගමන් කරමින් සිටින්නෙමු.

    මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කර අප තෝරා ගත් එ’මඟ වඩ-වඩා හෙළි කර ගැනීමට එක් වන්නැ’යි ලක් වැසි ඔබ සියලුදෙනාට මම ආරාධනා කරමි. මහා ශිව රාත්‍රී දිනය සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ඇතුළු ලොව පුරා හින්දු ජනතාවගේ යහපත් සිතුම්-පැතුම් ඉටු වී ජීවිත අර්ථවත් වේවා’යි ප්‍රාර්ථනා කරමි.”

    – උපුටාගැනීම අවසන් –

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.