Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අවිස්සාවේල්ල – කහවත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ
    Local News

    අවිස්සාවේල්ල – කහවත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

    By LFNFebruary 15, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට රජයේ අවදානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එහි නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමන් මේ බව සදහන් කළේය.

    මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා සිදුකෙරේ.

    එමෙන්ම දෙවන අදියර රත්නපුර සිට කහවත්ත දක්වාත්, තෙවන අදියර ලෙස ඇඹිලිපිටිය, සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වත් ඉදිකිරීමට යෝජිත බව ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.

    මින් අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා මේ වනවිටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර තිබේ.

    එමෙන්ම දුම්රිය ස්ථාන රැසක්ද හඳුනාගෙන ඇත.

    මෙයට සමගාමීව කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හෝමාගම දක්වා කොටස ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රේමතිලක මහතා මෙහිදී පැවසීය.

    මෙහි තුන්වන අදියර වන කහවත්ත සිට හම්බන්තොට වරාය දක්වා දිවෙන කොටස අලුතින් එක්කර ඇති යෝජිත දුම්රිය මාර්ගයක් වේ.

    මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30ක් පමණ මුදලක් වැයවනු ඇතැති අපේක්ෂාකර ඇත.

    එම මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඉන්දියානු රජය සමගද සාකච්ඡා කරමින් සිටින බව ප්‍රේමතිලක මහතා පැවසීය.

    1970 දශකය දක්වා කොළඹ සිට කහවත්ත දක්වාම දුම්රිය ධාවනය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026

    සාමයේ පාගමන නිම කරමින් හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 202603 Views

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට…

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.