Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තවමත් ඇවිළෙන ඇල්ල කඳු වැටිය
    Local News

    තවමත් ඇවිළෙන ඇල්ල කඳු වැටිය

    By LFNFebruary 14, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කඳුවැටිය ප්‍රදේශයේ හටගත් ගින්න අද (14) පෙරවරුව වනවිට අක්කර 20ක් පුරා පැතිරගොස් ඇති බව වාර්තා වේ.

    මේ වනවිටත් රක්ෂිතයේ අක්කර 10ක පමණ ප්‍රදේශයක් පිළිස්සී ගොස් ඇත.

    ඇල්ල පොලිස් වසමේ රාවණා ඇල්ල රක්ෂිතයේ මෙම ගින්න ඊයේ (13) සවස 4ට පමණ හටගත්තේය.

    කෙසේ නමුත් මෙම ගින්න කිසිවෙකු විසින් සිදුකරන ලද්දක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇතිබව
    ආපදා කළමානාකර මධ්‍යස්ථානය පැවසීය.

    පසුගිය වසරේදී ද පාසල් ළමුන් 15ක පමණ පිරිසක් මෙම රාවණා ඇල්ල රක්ෂිතය කොටසේදීම ගිනිතැබීමක් සිදුකර තිබේ.

    පසුව අධිකරණය විසින් එම සිසුන්ට එම ප්‍රදේශයේ පැළ සිටුවන ලෙස නියෝග කර ඇත.

    ඊයේ රාවණා ඇල්ල රක්ෂිතයෙන් හටගත් ගින්න, ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

    ඒ හේතුවෙන් ගින්න පාලනකිරීම සඳහා බණ්ඩාරවෙල වනසංරක්ෂණ නිලධාරින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දියතලාව ගුවන් හමුදා හා යුද හමුදා නිලධාරින් ඊයේ සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

    පවතින වියලි කාලගුණය, සුළං තත්ත්වය මෙන්ම අධික බෑවුම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරයමින් තිබෙන අතර, ඒ හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලසෙ අපහසු වී ඇත.

    මෙය වනජීවි කලාපයට ඉහළින් ඇති වනසංරක්ෂණ කලාපයට ගින්න ඇතුළු වීම වැළැක්වීමට වනවගා මායිමේ ගිනිපටි ඊයේ කපනු ලැබීය.

    එමෙන්ම ගින්න ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ළඟාවීම පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවන රථවල සහය ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202602 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.