Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තවමත් ඇවිළෙන ඇල්ල කඳු වැටිය
    Local News

    තවමත් ඇවිළෙන ඇල්ල කඳු වැටිය

    By LFNFebruary 14, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කඳුවැටිය ප්‍රදේශයේ හටගත් ගින්න අද (14) පෙරවරුව වනවිට අක්කර 20ක් පුරා පැතිරගොස් ඇති බව වාර්තා වේ.

    මේ වනවිටත් රක්ෂිතයේ අක්කර 10ක පමණ ප්‍රදේශයක් පිළිස්සී ගොස් ඇත.

    ඇල්ල පොලිස් වසමේ රාවණා ඇල්ල රක්ෂිතයේ මෙම ගින්න ඊයේ (13) සවස 4ට පමණ හටගත්තේය.

    කෙසේ නමුත් මෙම ගින්න කිසිවෙකු විසින් සිදුකරන ලද්දක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇතිබව
    ආපදා කළමානාකර මධ්‍යස්ථානය පැවසීය.

    පසුගිය වසරේදී ද පාසල් ළමුන් 15ක පමණ පිරිසක් මෙම රාවණා ඇල්ල රක්ෂිතය කොටසේදීම ගිනිතැබීමක් සිදුකර තිබේ.

    පසුව අධිකරණය විසින් එම සිසුන්ට එම ප්‍රදේශයේ පැළ සිටුවන ලෙස නියෝග කර ඇත.

    ඊයේ රාවණා ඇල්ල රක්ෂිතයෙන් හටගත් ගින්න, ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

    ඒ හේතුවෙන් ගින්න පාලනකිරීම සඳහා බණ්ඩාරවෙල වනසංරක්ෂණ නිලධාරින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දියතලාව ගුවන් හමුදා හා යුද හමුදා නිලධාරින් ඊයේ සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

    පවතින වියලි කාලගුණය, සුළං තත්ත්වය මෙන්ම අධික බෑවුම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරයමින් තිබෙන අතර, ඒ හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලසෙ අපහසු වී ඇත.

    මෙය වනජීවි කලාපයට ඉහළින් ඇති වනසංරක්ෂණ කලාපයට ගින්න ඇතුළු වීම වැළැක්වීමට වනවගා මායිමේ ගිනිපටි ඊයේ කපනු ලැබීය.

    එමෙන්ම ගින්න ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ළඟාවීම පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවන රථවල සහය ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 202502 Views

    මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02 වන දින…

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.