Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා ක්‍රිකට් මීළඟ සභාපති කවුද ?
    Sport

    ශ්‍රී ලංකා ක්‍රිකට් මීළඟ සභාපති කවුද ?

    By LFNJanuary 24, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් විය.

    එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය සඳහා තරගවැදීමට නාමයෝජනා භාරදී තිබූ එක් පුද්ගලයෙකුගේ නාමයෝජනාවක් මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය එළැඹෙන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

    එහි සභාපතිධුරය වෙනුවෙන් වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී තිබේ.

    එම තනතුර වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් සෙසු අය වන්නේ එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල සහ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන අයයි.

    කෙසේ නමුත් සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබූ ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලීප චාල්ස් මහතාගේ නාමයෝජනා පත්‍රයේ ඇති දෝෂසහගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් තනතුරට වත්මන් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාට අමතරව සමන්ත දොඩංවල සහ බන්දුල දිසානායක යන මහත්වරුන් නාමයෝජනා ලබාදී තිබේ.

    නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා හෙට (25) පෙ.ව. 9 සිට පෙ.ව. 11 දක්වා කාලය තුළදී භාර දීමට කාලය ලබා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.