Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා ක්‍රිකට් මීළඟ සභාපති කවුද ?
    Sport

    ශ්‍රී ලංකා ක්‍රිකට් මීළඟ සභාපති කවුද ?

    By LFNJanuary 24, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් විය.

    එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය සඳහා තරගවැදීමට නාමයෝජනා භාරදී තිබූ එක් පුද්ගලයෙකුගේ නාමයෝජනාවක් මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය එළැඹෙන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

    එහි සභාපතිධුරය වෙනුවෙන් වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී තිබේ.

    එම තනතුර වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් සෙසු අය වන්නේ එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල සහ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන අයයි.

    කෙසේ නමුත් සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබූ ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලීප චාල්ස් මහතාගේ නාමයෝජනා පත්‍රයේ ඇති දෝෂසහගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් තනතුරට වත්මන් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාට අමතරව සමන්ත දොඩංවල සහ බන්දුල දිසානායක යන මහත්වරුන් නාමයෝජනා ලබාදී තිබේ.

    නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා හෙට (25) පෙ.ව. 9 සිට පෙ.ව. 11 දක්වා කාලය තුළදී භාර දීමට කාලය ලබා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 20250117 Views

    පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ…

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.