Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

    March 10, 2026

    ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ

    March 10, 2026

    අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි

    March 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලංකා T10 සුපර් ලීග් කිරුළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්ට
    Sport

    ලංකා T10 සුපර් ලීග් කිරුළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්ට

    By LFNDecember 20, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලැබූ ‘ලංකා T10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්විය.

    ඒ මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්.

    ජැෆ්නා ටයිටන්ස් ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස්කිරීමට සමත් විය.

    මොහොමඩ් ෂෙසාඩ් සහ ෂෙවොන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස් කළ අතර, නායක දසුන් ශානක පන්දු 10කදී ලකුණු 21ක් රැස්කිරීමට සමත් විය.

    පන්දුයැවීමේදී ට්‍රෙවින් මැතිව් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තේය.

    කෙසේ නමුත් ලකුණු 133ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10දී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි.

    ටොම් අබෙල් නොදැවී ලකුණු 54ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

    පන්දු යැවීමේදි රිචඩ් ග්ලීසන් ලකුණු 21කට කඩුලු 3ක් සහ නායක දසුන් ශානක ලකුණු 4ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

    ඒ අනුව අවසන් තරගය ලකුණු 26කින් ජයගත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමු වරට පැවැත් වූ ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ශූරතාව සිය දෝතට ගත්තේය.

    දින 9ක් පුරා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    March 1, 2026

    නවසීලන්තයත් අවදානමේ දමා එංගලන්තයට සටන්කාමී ජයක්

    February 28, 2026

    විස්සයි20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව විසිවෙයි

    February 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

    March 10, 202605 Views

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු…

    ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ

    March 10, 2026

    අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි

    March 9, 2026

    විදුලිබල මණ්ඩලය අහෝසි වෙයි නව සමාගම් 6 අද සිට බලාත්මකයි

    March 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.