Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 2025

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එළියට ආ අල්ලස් කොමිසමේ ප්‍රගති වාර්තාව
    Featured

    එළියට ආ අල්ලස් කොමිසමේ ප්‍රගති වාර්තාව

    By LFNDecember 10, 2024No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන වලින් වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පහළ මධ්‍යම හා පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ හා සේවකයින්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

    එය අල්ලස සහ දූෂණය මැඩලීමේ සංග්‍රාමයට බලවත් පහරක් බව ඔහුගේ අදහසයි.

    කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (9) පැවති ‘ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    2023 වසරේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාවේ සඳහන් වූ කරුණු ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, එම වසරේදී කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් ලබාගැනීමේ විවිධ සිදුවීම්වලින් සැකකරුවන් 57ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

    ඉන් රාජ්‍ය කළමනාකරණ හා නායකත්ව ධුරයන් දරූ සැකකරුවන් සංඛ්‍යාව 19ක් බව පැවසීය.

    මේ අතර 2023 වසරේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, අල්ලස් හා දූෂණ පැමිණිලි හා තොරතුරු 3,431ක් ලැබී ඇති බව අනාවරණය කළේය.

    එම පැමිණිලිවලින් 1,152ක් හා පෙර වසරවල සිදුකළ විමර්ශන ද ඇතුළුව 2023 වසරේ දී පමණක් විමර්ශන 3,219ක සිදුකර අවසන් බව පැවසීය.

    කෙසේ නමුත් එම විමර්ශනවලට අදාළව නඩු පැවරීම් සිදුකර ඇත්තේ 60ක් පමණි.

    මෙය එළියේ සිට බලන නිරීක්ෂකයෙක්ට තරමක් දුරට ගැටලු සහගත තත්ත්වයක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

    මෙහිදී ඔහු හෙළිකළ තවත් කරුණක් වූයේ, අල්ලස් හෝ දූෂණ සිදුවීමක් සම්බන්ධයෙන් නිශ්චිත පැමිණිල්ලක් කොමිෂන් සභාවට ලැබෙන්නේ නැතුව ස්වඋත්සාහයෙන් විමර්ශන ආරම්භ කිරීමට 2016 වසරේදී නීතියෙන් අවසර ලබාදුන් බවයි.

    එහෙත් 2023 ප්‍රගති වාර්තාවේ ඒ ආකාරයෙන් කරන ලද විමර්ශන තිබුණේ නැද්ද..?, ඒවායේ තත්ත්වය කුමක්ද..? යන්න පිළිබඳ කිසිවක් සඳහන් නොවීම කනගාටුවට කරුණක් බව හෙතෙම පැවසීය.

    කෙසේ නමුත් මෙම තත්ත්වයට හේතුව කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් සහ නිතී නිලධාරීන්ගේ මන්දගාමී ස්වරූපය බව තමන් මොහොතකට හෝ විශ්වාස නොකරන බව ඔහු පෙන්වා දුන්නේය.

    කොමිෂන් සභාව සතු වත්මන් මානව සම්පත් පමණක් භාවිත කර මෙම විමර්ශනවලට සාර්ථක ඉදිරි පියවර ගත නොහැකි බවද යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 20250130 Views

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී…

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.