Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සංචාරයකයට සූදානම්

    June 1, 2025

    ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

    June 1, 2025

    ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

    June 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දසුන්ගේ සුපිරි ඉනිම අපතේ යයි
    Sport

    දසුන්ගේ සුපිරි ඉනිම අපතේ යයි

    By LFNNovember 22, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (21) ආරම්භ වූ අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවති සම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමට දසුන් ශානක ක්‍රීඩාකළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සිදුවිය.

    පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය.

    ඔවුන් මෙම ඉනිම ගොඩනැගුවේ පළමු පන්දුවාර 7ට ලකුණු 49ක් පමණක් රැස්කර සිටීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.

    එහිදී අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක පන්දු 27කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 62ක් රැස්කිරීමට සමත් විය.

    දසුන් මුහුණදුන් පළමු පන්දු 16ටම රැස්කළ හැකිවූයේ ලකුණු 19ක් පමණක් විය.

    කෙසේ නමුත් ඉතිරි පන්දු 11ට ලකුණු 43ක් රැස්කිරීමට ඔහුට හැකිවිය.

    දසුන්ගේ ප්‍රවේගකාරී ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් හා හතරේ පහර 4ක් ඇතුළත් විය.

    කෙසේ නමුත් මෙහිදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 107ක ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී තරගයේ 9.3වැනි පන්දුවාරයේදී පසුකර යාමට සම්ප් ආමි කණ්ඩායම සමත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

    May 23, 2025

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,296 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,496 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,914 Views
    Don't Miss

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සංචාරයකයට සූදානම්

    June 1, 20250104 Views

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්ත පළකර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු…

    ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

    June 1, 2025

    ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

    June 1, 2025

    අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

    June 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.