Close Menu
Lanka Focus News
    What's Hot

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගය අද
    Sport

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගය අද

    By LFNNovember 17, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වේ.

    දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

    ශ්‍රී ලංකා – නවසීලන්ත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    ඒ වසර 9කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක් ජය ගනිමිනි.

    ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි.

    අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට එක්දින තරගාවලිජය ජය හිමිවනු ඇති.

    ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව 2012 වසරේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්කම් දක්වා ඇත්තේ මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේය.

    ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගය ජයගතහොත් වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට අවස්ථාව හිමිවනු ඇති.

    ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී මේ දක්වා එක්දින තරග 38කට ක්‍රීඩා කර ඇත. ඉන් තරග 21ක් ජයගෙන ඇති අතර තරග 16ක් පරාජයට පත්ව ඇත.

    නවසීලන්තය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී එක්දින තරග 3කට ක්‍රීඩා කර ඇති අතර ඔවුන් ඉන් එක් තරගයක් ජය ගනිද්දී තරග 2ක් පරාජයට පත්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,626 Views
    Don't Miss

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 202602 Views

    බස්නාහිර, සබරගමුව සහ දකුණු  පලාත්වල විටින් විට වැසි ඇති වේ. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර…

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 2026

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.