Close Menu
Lanka Focus News
    What's Hot

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026

    ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන ගිගුරුම් සහිත වැසි

    September 29, 2026

    දිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

    September 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ගම්මන්පිලගේ දෙවැනි පාස්කු හෙළිදරව්වත් රජය ප්‍රතික්ෂේප කරයි
    Political

    ගම්මන්පිලගේ දෙවැනි පාස්කු හෙළිදරව්වත් රජය ප්‍රතික්ෂේප කරයි

    By LFNOctober 29, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දෙවැනි පාස්කු හෙළිදරව්ව තුළින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ව ඉලක්ක කර ඇති බව පැහැදිලි වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ, චැනල් 4 නාලිකාවේ සිදුවීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීම පවා දේශපාලනික කාරණයක් බවය.

    පරීක්ෂණයක් සිදුනොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරාගැනීමේ අරමුණින් බව ද පැවසු අමාත්‍යවරයා, කිසිවිටෙකත් එවැනි ක්‍රියාවක් වත්මන් ආණ්ඩුව සිදුනොකරන බව ද පැවසීය.

    ප්‍රශ්නය – ඔබතුමා ගම්මන්පිල මහත්තයා විසින් යොමුකළ පළමු වාර්තාව පිළිගන්නේ නෑ කිව්වා. දෙවැනි වාර්තාව පිළිගන්නවා ද ?

    “ගම්මන්පිල මහත්තයාගේ උවමනාව හරිම පැහැදිලියි. එතුමා ඉලක්ක කරගන්නේ, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන්ව. ඒ වගේම එතුමා උත්සාහ කරනවා හමුදා බුද්ධි අංශයේ සමහර අය ඉලක්ක කරලා තියෙනවා ඒ අය මේකට සම්බන්ධ නෑ කියලා. ඒක තමා ඔය චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහන පිළිබඳව ඉමාම් මහතාගේ මුලිකත්වයෙන් කරපු වාර්තාව. ඒ වාර්තාවේ අවසානයේ ඔහු කියන්න හදන්නේ ඒකනේ… අපි බලමු. ඔබ පරීක්ෂණ එක එක්කෙනා කියන ඒවා නෙමෙයි. රජයක් විදියට අපි මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරනවා ඒ විමර්ශනයෙන් පස්සේ, කොතැනද හරි…කොතැනද වැරදි… කවුද වගඋත්තරකරුවෝ කියලා පැහැදිලිව අවසන් තීන්දු ගන්නවා. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ… කවුරු කලබල වුණත් අපි කලබල වෙන්නේ නෑ. මේ වාර්තා කලිනුත් කිව්වා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන විශේෂ බලතල සහිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් නෙමෙයි. නිකන්ම නිකන් ජනාධිපතිවරයාට තොරතුරු ගැනීම සඳහා පත්කරන ලද කමිටුවක්. ඒ කමිටුවට කිසිදු නිල බලයක් තියෙන ඒවා නෙමෙයි. ඒ නිසා මේ වාර්තාවල අඩංගු කරුණු පිළිගන්නේ නෑ. පැහැදිලිව කියනවා. ඒ නිසා චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කරපු කරුණු…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,424 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 202602 Views

    පිටකොටුව ප්‍රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර පාරිභෝගික කටයුතු…

    ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන ගිගුරුම් සහිත වැසි

    September 29, 2026

    දිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

    September 28, 2026

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.