Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නෞකා 26ක් මෙරට සමුද්‍රය දූෂණයට ලක්කර ඇති බවට අනාවරණයක්
    Featured

    නෞකා 26ක් මෙරට සමුද්‍රය දූෂණයට ලක්කර ඇති බවට අනාවරණයක්

    By LFNOctober 17, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය වසරක කාලය තුළ නෞකා 26ක් විසින් ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

    චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශ රජය සමග එක්ව දියත් කළ නිරීක්ෂණ ව්‍යාපෘතියක දත්ත පදනම් කරගනිමින් එම අධිකාරිය මේ කරුණු හෙළිදරව් කළේය.

    මෑත ඉතිහාසයේ මෙරට සාගර කලාපයට දැඩි හානි සිදුකළ නෞකා අනතුරු දෙකක් වන්නේ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙකයි.

    ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් නිව් ඩයමන්ඩ් නෞකාව 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී අනතුරට ලක්වුණි.

    එසේම, 2021 වසරේ මැයි මාසයේදී සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ ගිනිගෙන මුහුදුබත් වුණි.

    මෙම නෞකා අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාමේ සමුද්‍ර පරිසරයට දරුණු හා දීර්ඝ කාලීන හානියක් සිදුකර ඇති බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණි.

    මෙවැනි සමුද්‍රීය පරිසරය දූෂණය කෙරෙන අනතුරු සිදුවූ වටපිටාවක ප්‍රංශ රජයේ ආධාර මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ප්‍රංශ සමාගමක් එක්ව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගනිමින් සිදුකළ ඉන්ධන කාන්දුවීම් පිළිබඳ සොයා බැලීමේ නියමු ව්‍යාපෘතියක් සිදුකර තිබුණි.

    එහිදී ලබාගත් දත්තවලින් අනාවරණ වී ඇත්තේ පසුගිය වසරක කාලය තුළ මෙරට සාගර කලාපයට ඇතුළු වූ නෞකා 26ක් මෙරට සාගර කලාපය දූෂණය කර ඇති බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ව්‍යාපෘති කළමනාකරු, ඔලිවර් ජර්මේන්,

    “අපි මේ වාර්තාව සියලු පාර්ශ්වකරුවන්ට ඉදිරිපත් කළාම ඔවුන් පුදුම වුණා. ඔවුන් ජාතික ජල පද්ධතිය මෙතරම් දූෂණය වෙලා කියලා අපේක්ෂා නොකරන්න ඇති. ගෙවුණු මාස 12 තුළ ජල දූෂණ අවස්ථා 115ක් නිරීක්ෂණය කළා. ඒකට අනුව අපි සලකා බලන ඕනෑම වෙලාවක ජල දූෂණය වීමේ අවස්ථා දැකගැනීමේ 50%ක අවස්ථාවක් පවතිනවා. අපි මෙහිදී සිදුව ඇති හානියේ පරිමාව ගණන් බැලුවා. ශ්‍රී ලංකාවේ ජල පද්ධතියට එක්වී ඇති දූෂක ප්‍රමාණය ලීටර් මිලියන 6කටත් වැඩියි. ඒකට අනුව සාමාන්‍යයක් ගත්විට සෑම මාසයකම ලීටර් 500,000ක දූෂක ජල පද්ධතියට එක්ව තිබෙනවා. ඔබට අදහසක් ගන්න කිව්වොත්. 2021 දී එක්ප්‍රෙස් පර්ල් අනතුරේදී ජලයට එකතු වී ඇත්තේ දූෂක ලීටර් 350,000ක් පමණයි. ඒ කියන්නේ, එක්ප්‍රෙස් පර්ල් අනතුරේදී ජලයට එක්වූ දූෂක ප්‍රමාණයට සමානව සෑම මාසයකම ජල පද්ධතියට දූෂක එක්වනවා. ඊට අමතරව අපි ජලදූෂකයින් ද හඳුනාගෙන තිබෙනවා. මෙහි සිදුවීම් 26කදි අපි එය ඔවුන් හඳුනාගත්තා. ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නත් කිව්වා. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.